දිනෙන් දිනම වාර්තා වන ළමා මෙහෙකාර සේවය ගැන අවධානයට ගනිමින් මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය,ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවේදීය. මෙහිදී ස්ත්‍රීන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ…
Read MoreTag: sexual harassment in workplace sri lanka
ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක
හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී මියගොස් ඇති බවයි. පසුගියා දා මිය ගිය දැරිවියගේ මව මේ සම්බන්ධව පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට කෙරී ඇති පරීක්ෂණ පිළිබදව ඇයට සෑහීමකට පත්විය නොහැකි බවයි.…
Read Moreඉෂාලිනි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් වැඩ අරඹයි!
හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා තිබේ. මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන බවට ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිසම වෙත ලැබී තිබු පැමිණිලි අනුව එම කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් මානව හිමිකම් කොමිසම විසින් මෙසේ කැඳවා ඇත. මෙම වාර්තාව මේ මස 30 වෙනි දිනට ප්‍රථම ලබා දිය යුතු බව මානව…
Read Moreදුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!
ශ්‍රී ලංකාවේ ළමුන් මෙහෙකාරකමට ප්‍රවාහනය කිරීම හා සූරාකෑම දශක ගණනාවක් තිස්සේ ඇති බරපතල කරුණකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී කරන ලද ජාතික සමීක්ෂණයකින් 2009 දී කරන ලද සමීක්ෂණයේ 12.9% ට සාපේක්ෂව ළමුන් 2.3% ක් ආර්ථික කටයුතුවල නිරත විය. මෙය ළමුන් 103,704 දෙනෙකුගෙන් වන අතර ඉන් 39,007 දෙනෙකු අනතුරුදායක ආකාරවල නිරතව සිටියහ. කෙසේ වෙතත්, රජය සහ සිවිල් සමාජය සම්බන්ධයෙන් ගත් කල, විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා ජනප්‍රිය ප්‍රදේශවල ළමයින් ලිංගික සූරාකෑම පිළිබඳ වාර්තා වී නොමැත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන පරිදි සමස්ත මිනිස් ජාවාරම් වලට ගොදුරු වූ පුද්ගලයින්ගෙන් 25%ක්…
Read Moreචිචීලාගේ ලෝකය සහ අපේ ලෝකය!
මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති වුණ කම්කරු අමාත්‍ය ධුරයේ ඉඳලා ඇමති ධුර විශාල සංඛ්‍යාවක් දරපු අගමැති ධුරය කීප පාරක් දරපු මහින්ද රාජපක්ෂ ගේ බාල පුතා. ඒනිසා උබ රස්සාවක් කරලද ඔච්චර සුඛට ජීවත් වෙන්නේ කියලා අහන එකේ තේරුමක් නෑ. මට මෙතනදී තියෙන්නේ ඊට වෙනස් කතාවක්. දැන් අපි හැවෝම අර රිසාඩ්ගේ ගෙදරදී ඝාතනයට ලක්වුණ දැරිවියගේ දෙමාපියන්ගෙන් අහනවා ඇයි තමන්ගේ දුව මෙහෙකාර සේවයට…
Read Moreමෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!
හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියේ මන්ත්‍රීවරයා අයත් බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් නිවසේ ගෘහ මුලිකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වගකිව යුතු බවයි. ඒ අනුව ඔහු ද මෙම නඩුකරයේ සැකකරුවක් වශයෙන් ඉදිරියේදී…
Read Moreළමා හිංසන ගැන හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය මුදාහැරීමක් වන බවද එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බවත් ඇය පෙන්වා දෙයි. ළමයින්ට එරෙහි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට…
Read Moreඅතකොටාගේ නූරිය සහ රිසාඩ් ගේ ගෙදර… (නීතියක් නොමැති රටක අපරාධ කියා දෙයක් නැත)
රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම් කියන ගැහැනුන් මතක් උනා. ඊටත් අමතරව බොහෝ කාලෙකට කළින් රාජපක්ෂ ලොකු අයියා ආණ්ඩු කරන කාලේ රිසාඩ් ලා අල්ලාගත්තා යැයි කියන තලෙයිමන්නාරමේ වැලිපිරුණු ඉඩම් ගැන සොයන්නට ඒ බිමට ගිය අතීතය මතක් උනා. ඉතිං ඒ මතක ඇවිලිල්ල නිසා මේ කතාව මෙහෙම ලියනවා. මම රාවයට ඇවිත් වැඩි කාලයක් නෑ නුරියේ පාතාල නායකයා නැතිනම් අතකොටා නූරි වතු අධිකාරීවරයා (නිහාල්…
Read Moreළමා අපයෝජන වැඩි වීම හේතුවෙන් ළමා මහාධිකරණ පළාත් නමයටම.
ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා මහාධිකරණ නමයක් පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම පවසන්නේ. ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන් ජුලි 20 අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇය ඒ බව සඳහන් කළාය. මේ වන විට බත්තරමුල්ලේ සහ යාපනයේ ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක්…
Read Moreඉෂාලිනීගේ තාත්තා සහ දරුවන්ට හොඳම දේ දුන් තාත්තා. – කේ. සංජීව
හොඳම දේ දරුවන් ට දියයුතු බවට වූ ලොව ප්‍රකට කතාවක් ඇත. ඒ කතාව සියයට දෙසීයකින් ඉටුකළ අපේ කාලයේ තාත්තා නම්, ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ ලොකු පුතාට නීතීඥ උපාධියක් ද ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ද අරගෙන දුන්නේ ය. දෙවෙනි පුතාට නාවික හමුදාවේ ඉහළ තනතුරක් ද විදෙස් රටක නාවික පුහුනුවක් ද ලබාදුන් ඔහු රග්බි ක්‍රීඩාවෙන් රටේ ඉහළට නඟින්නට ඉනිමඟක් විය. තෙවෙනි පුතාට ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලංකාව වෙනුවෙන් රොකට්ටුවක් යවන්නට වරම් ද උදාකර දුනි. මෙවැනි ලොව තිබෙන හොඳම දේවල් තමන්ගේ දරුවන් වෙනුවෙන් වෙන් කළ තාත්තා මෙරටේ දෙවතාවක් ජනාධිපති ධුරය ද…
Read More