මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති

rear admiral sarath weerasekara police accidents - Minister of Public Security

මහරගම පොලීසියේ රෙස්ලින් රාලහාමි දැන් සිටින්නේ බන්ධනාගාරයේය. ඒ සතියකටය. ඔහු එලෙස බන්ධනාගාර ගත නොවුයේ නම් සමාජයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම දැඩි විරෝධයක් එල්ල වන්නට තිබුණි. ඉකුත් 29 දා  උදෑසන 08.30ට පමණ  පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග මාවත ආසන්නයේදි   මහේනද්‍රා වර්ගයේ කුඩා ලොරි රථයක මහරගම රථ වාහන අංශයේ ස්ථානධිපතිවරයා ගැටී අනෙක් පස ධාවනය වෙමින් තිබු මෝටර් රථයක බොනට්ටුව මතට වැටීමත් සමඟ මාර්ගයේ රථ වාහන හසුරවමින් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා දිව විත් ලොරි රථයේ රියැදුරුට බිම දමා පහර දෙන අයුරු පහුගියදා වීඩියෝ වල සංසරණය වුයේ ක්ෂණිකයෙනි. මේ නිසා පොලිසියට අහක බලාගෙන සිටිය නොහැකි…

Read More

අසාද්සාලි අත්අඩංගුවට ගත් හේතුව මහජන ආරක්ෂක ඇමති කියයි.

Asad Sali Rear Admiral Sarath Weerasekara Asath sali arrest

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුයේ පාස්කු ප්‍රහාරය හා ඔහුගේ සම්බන්ධයක් ඇති නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත  තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන බවද ඔහු පවසයි. එමෙන්ම ඔහු මෑත කාලයේ සිදු කළ ෂරියා නීතිය පිලිබද ප්‍රකාශයද ගැටලුවක් බවත් එවැනි ප්‍රකාශ බොහෝ විට ආගමික අන්තවාදය කරා යන බවත් ඒ ආගමික අන්තවාදය ත්‍රස්තවාදය කරා යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත්…

Read More

අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!

Extremist statements Asad Sali Rear Admiral Sarath Weerasekara

ආගමික අන්තවාදය අවසානයේ ත්‍රස්ත්‍රවාදය දක්වා යන බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් බවත් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ෂරියා නීතීය අනුව ඔහු කටයුතු කරනවානම් ඔහුට ලංකාවේ සිටිය නොහැකි බවත් එසේනම් ඔහු සවුදි අරාබියට යා යුතුව ඇතැයිද ලංකාවේ සිටිනවානම් හැමෝම ලංකාවේ නීතිය අනුව කටයුතු කළ යුතු බවද ඔහු පවසයි. හැමෝම ලංකාවේ නීතියට ගරු කරන විට ඔහු පමණක් ෂරියා නීතිය ගැන කථා නොකළ යුතු බවත් ඒ නිසා ඔහුගෙන් මේ පිලිබඳ විමසා අවශ්‍ය නීතිමය කටයුතු කරන බවද…

Read More

බුර්කා/ මද්‍රසා පාසල් තහනම්!

Rear Admiral Sarath Weerasekara Burqa and Madrasa schools banned

පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ලංකාවේ බුර්කා හා මද්‍රසා පාසල් තහනම් කිරිමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීර‍සේකර මහතා පවසයි. ඊයේ (10) දින පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාර සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුනත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ෂණවලින් පැහැදිලි වෙන බවත් පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වු  නමුත්  ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රහාරය වළකාලීමට…

Read More

“අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න එක ඇයට හොඳයි” මිෂෙල් බැෂලේට රතු එළියක්?

Sarath Weerasekera Michelle Bachelet United Nations High Commissioner

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්විත  වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් එම වාර්තාව  ප්‍රතික්ෂේප කරන බව මීට පෙර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පවසා තිබුණි. එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා  පත් කිරීම ගැන  සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන්  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා…

Read More

අපරාද මඩින්න ගිහින් පසුගිය අවුරුදු පහේදී පොලිසියේ 15 ක් මිය ගිහින්! – සරත් වීරසේකර

Fifteen policemen have died on duty in the last five years Rear Admiral Sarath Weerasekara

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී  ගත වූ වසර පහ තුළ පොලිස් නිලධාරීන් පහලොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි වූයේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා හාරමාසයක කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සංඛ්‍යාව අටක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා කර තිබියදීය. අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 15 ක් බව අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළේ දෙසැම්බර් 4 සිකුරාදා පාර්ලිමේන්තුවේ දීය. පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More