සනත් නිශාන්‍ත සහ මිලාන් ජයතිලක 25 තෙක් රිමාන්ඩ්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම හේතුවෙන් මොවුන් ඊයේ දින සීඅයිඩී අත්අඩංගුවට ගනු ලැබිණි. එසේම මෙම චෝදනාවම ලැබ සිටි මොරටුව  හිටපු නගරාධිපති අමල් සිල්වා යන අය ද ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගෙන ඇත.

Read More

9 දා ප්‍රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට

පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක  යන අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

Read More

ගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට

මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් යන අයගේ නම් සදහන්ය.

Read More

ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් ‌දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!

deshabandu-tennakoon-human-rights-commission

ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්‍රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…

Read More

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු පිරිස මයිනා ගෝ ගම විරෝධතාකරුවන්ට මුලින්ම ප්‍රහාරයක් එල්ල කළා. පොලීසිය බලාගෙන සිටියා. මේ අවස්ථාවේ ඉඳලා එතන ක්‍රියාත්මක වුණේ අයුතු ජන රාශියක් ය. ඒ අයුතු ජනරාශියට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නායකත්වය දුන් බව දැනගන්නට ඇත. ඒ සඳහා ඡායාරූප සාක්ෂිද ඇත. මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ලකර එයින් ඔඳවැඩී ඔවුන් යක්ෂයා ආවේශයෙන් ගෝල්ෆේස් අරගල භූමියට එන්නට පිටත් වුණ…

Read More