පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීම ට ගෙන ඇති තීරණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නය තුළත් ගිහියන් තුළත් බෙදීම් නිර් මාණය වෙමින් පවතින බව පොලොන්නරුවේ පොදු ජනතාව කියති. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇතුළු පැත්තෙන් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර් බුදය හමුවේ ඊයේ (18) ත්  අද (19) දිනයේත් මහා සංඝරත්නයත් ජනතාවත් බේද බින්නතා ඇතිකර ගනිමින් සිටින බවත් මාධ්‍ය හමු හා විරෝධතා සංවිධාන කර ක්‍රියාත්මක වූ බවත් ඔවුහු පෙන්වා දෙති. අද (19) දිනයේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ මං තීරු ඉදි කිරීම සුදුසු යැයි ද…

Read More

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

roshan

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා  කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා රාජ්‍ය  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  රුපියල් මිලියන 74.10ක වියදමින් කිලෝමීටර් 3.39ක වියදමින් මැදිරිගිරිය උදාරගම විද්‍යාල මාවත සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (16)  සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කීය. “  වීවලට රුපියල් 65ක පමණ මිලක් ඕන කියලා ගොවීන් කියන…

Read More

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

kins nelson

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “රජයේ වගකීම තමයි රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයාත් ව්‍යාපාරිකයාත් ආරක්ෂා කර ගන්න එක.  අද ඒ එකක්වත් මේ ආණ්ඩුවෙන් වෙලා නෑ. අද වැඩියෙන් ම බැට කන්නේ…

Read More

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!

namal rajapaksha

වී මිලත් සහල් මිලත් සම්බන්ධයෙන් ඇමතිවරයාගේත් තවත් සමහර අයගේත් ප්‍රකාශ වැරදි බවත් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව අතර තුර කදුරුවෙල සංහිදියා පාසලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ ගොවීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවේ දී ය. එහි දී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැක්වූ අදහසට විරෝධය පළ කළ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය…

Read More

වී මිලට පඹයෝ විරෝධතා දක්වයි!

ගොවියාගේ වී අස්වැන්න ට  රුපියල් 60කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින්   අද (08) කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූ හ. වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ගොවීන් ගේ මෙවර යල කන්නයේ වී අස්වනු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් රුපියල් 50 ක ආණ්ඩුවේ සහතික මිල ට වී අලෙවි කිරීමෙන් ගොවියාට කිසිම ප්‍රතිලාභයක් නොලැබෙන බවත් ඔවුහු කියති. කවුඩුල්ල,සංසුන්ගම යන ගම්මානවල ගොවීන් පිරිසක් අද  (08) පෙරවරුවේ කවුඩුල්ල පාසල හන්දියේ සිට කෙත් ඇල  දිගට පඹයන් සි‍ටුවා විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කර…

Read More

පරාක්‍රම සමුද්‍රය ගැන පුරාවිද්‍යාව කිව්වේ බොරු – පුජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් පවසයි.

පොලොන්නරුව ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පුරා විද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර නැති බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අදහස සාවද්‍ය බවත් 1931 මාර් තු මාසයේ 10 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව කොටස පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර ඇති බවත් පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ සංවිධානයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියෝ පවසති. උන් වහන්සේ මේ බව පැවසුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීම ට යාම සම්බන්ධයෙන් නිලධාරින් ඉදිරිපත් කරන ලේඛන ව්‍යාජ හා කඩිමුඩියේ…

Read More