පොලොන්නරුව ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පුරා විද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර නැති බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අදහස සාවද්‍ය බවත් 1931 මාර් තු මාසයේ 10 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව කොටස පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර ඇති බවත් පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ සංවිධානයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව පැවසුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීම ට යාම සම්බන්ධයෙන් නිලධාරින් ඉදිරිපත් කරන ලේඛන ව්‍යාජ හා කඩිමුඩියේ කිසිදු අධ්‍යයනයකින් තොරව සකස් කරන ලද ඒවා බව මාධ්‍ය වෙත හෙළි දරව් කරමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පැවසුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීම සම්බන්ධයෙන් සඛ්‍යතා අධ්‍යයන හෝ පරිසර ඇගයීම් වාර් තා හෝ පුරා විද්‍යාත්මක වාර් තා කිසිවක් නිසි පරිදි ලබා නොගෙන නිරෝධායන ඇදිරිනීතිය සමයේ හොර රහසේ වැව් බැම්ම තුළ සංවර් ධන කටයුතු කිරීම සිදු කර ඇති බවයි.
“පරාක්‍රම සමුද්‍ර ලෝකයේ ගොඩක් නෑ.එකයි තියෙන්නේ.ඒ අපේ මහ වැව.මේක එක එක්කෙනාට ඕන විදිහට කඩා බිද දාන්න බෑ.මේක ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයක්.අපි දැක්කා මේ ව්‍යාපෘ තිය කරන අය කියලා තිබුණා පුරා විද්‍යා දෙපාර් තමේන්තුවෙන් අනුමැතිය අවසරය ලැබිලා තියෙනවා කියලා.හැබැයි කිසි කෙනෙක් ඇවිත් බලලා ක්ෂේත්‍ර පරික්ෂාවක් කරලා වාර් තා දීලා නෑ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට කියලා තිබුණා මේක පුරා විද්‍යාවට අයිති උරුමයක් නෙමෙයි කියලා. නමුත් එතුමාටත් අමතක වෙලා 1931 මාර් තු මාසේ 10 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ පැහැදිලිවම සදහන් වෙනවා තෝපාවැව තුලානේ ස්ථාන අතර රුවින්ස් ඉන් ටෑන්ක් කියලා. තෝපා වැවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සියල්ල ඊට අයිතියි. මේ වැව් බැම්මත් ඒකට අයිතියි. වැව තුළ කියලා තියෙන්නේ වැව් බැම්ම නැතුවද? ඒ නිසා මේ සියල්ල බොරු වෙමින් පවතිනවා. අපේ දැනීමේ හැටියට මේ ලේඛන ඉතාම කඩිමුඩියේ හදපු ව්‍යාජ වාර් තා කියන එකයි අපට කියන්න තියෙන්නේ.
සඛ්‍යතා අධ්‍යයනය කරලා වාර් තා අරගෙන තියෙනවද.? ඒ අය කියනවා අපි අහගෙන ඉන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා අපේ මළ කද උඩින් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. දැන් මේ කඩපු කොටස මීටර් 700ක් 1000ක් විතර කොටස ඉතාම ඉක්මනින් තිබුණු විදිහට ස්තාපනය කරන්න ඕන. වැස්ස ඉතාම ආසන්නයි. අපේ වැව ආරක්ෂා කරන්න අපි දිවි හිමියෙන් කැප වෙනවා. දැන් ආරංචියි කඩපු වැව් බැම්මේ රළපනාව නැවත හදන්නත් සල්ලි නෑ කියලා. අපට එහෙම කියලා බෑ. ඒ කඩන්න උපදෙස් මගපෙන්වීම් කරපු කඩපු අය එකතු වෙලා මේක හදන්න ඕන.” යැයි ද උන්වහන්සේ පැවසූහ.
පින්තූරයේ දැක්වෙන්නේ දම්මපාල හිමියන් හා එම ගැසට් නිවේදනයයි.
ඊෂා මුදියන්සේ