හිටපු ජනපති මෛත්‍රි වත්මන් ජනාධිපති ගැන කථා කරයි.

Organic fertilizer crisis Gotabaya Rajapaksa Maithripala Sirisena

අවුරුදු 30ක පමණ කාලසීමාවක් තුළ මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනෙකුත් පර්යේෂකයන් වකුගඩු රෝගය වැළදීමට ප්‍රධාන හේතුවක් ලෙස කි රසායනික ද්‍රව්‍ය මේ සදහා බලපා හැකි බව අනාවරණය කර ඇති බවත් කාබනික පොහොර යෙදීම හා රසායනික පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍යවලින් අපේ ගොවිතැන මුදා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසංශාව පලකරණ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(11) පොලොන්නරුවේ සිය නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමිණි. එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා චීන රජයෙන් තමන් ජනාධිපති සමයේ…

Read More

කාබනික පොහාර ආනයනයට අපි විරුද්ධයි – ආනන්ද සාගර හිමියන් 

pahiyangala ananda sagara thero Import of organic fertilizer

කාබනික ගොවිතැන ගැන ජනාධිපතිවරයා ගත් තීන්දුවේ කිසිදු වරදක් නැති නමුත් එය ඉදිරියට ගෙන යාමට අනුගමනය කරන පිළිවෙතෙහි ලොකු අවුලක් පවතිනවා යැයි පුජ්‍ය ආනන්ද සාගර හිමියන් පවසයි. රසායනික  පොහොර ගෙන ඒම නවතා කාබනික පොහොර ගෙන ඒමට කටයුතු කිරීම පිලිබඳවද උන් වහන්සේ දක්වා සිටින්නේ දැඩි විරෝධයකි. උන් වහන්සේ කියා සිටින්නේ විදේශයේ සිට කාබනික පොහොර ගෙන්වීම තුල මළ අපද්‍රව්‍ය, බැර ලෝහ  පැමිණෙනවා මෙන්ම එම ක්ෂුද්‍ර ජීවින් නිසා මෙරට පොලව හානි විය හැකි බවය. ඇමතිවරයා පැවසු පරිදි දැනටමත් මේ කාබනික පොහොර ගෙන්වන සමාගම් 20 කට වඩා ඇති බව පැවසු බවත් ලංකාවේ නීතියට අනුව එහෙම…

Read More

ආණ්ඩුව චීනේන් හාල් ගේන සැලසුමක්ද? –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

The problem of organic fertilizer Ranjith Madduma Bandara

අපේ නිෂ්පාදන අඩු කර වරාය නගරය විකුණන්න යනවා වගේ, රට උකස් කරලා ණය ගත්තා වගේ චීනෙන් හාල් ගේන්නද මේ රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විමසයි. වසරක් ඇතුලත ලංකාව සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට පරිවර්තනය කිරීමට ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් කල්පනා කරන බවත් මෙයින් ගොවියා අසරණ වෙන බවද ඒ මහතා පවසයි. මෙරට ගොවීන් 30% ක් සිටින බවත් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% සිට 6.05% දක්වා අද අඩු වී ගොවියා දුප්පත් වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි. ලෝකයේ සම්පුර්ණ කාබනික පොහොර වලට හැරවු කිසිම රටක් නැති බවත්…

Read More

කුණු මුල්ලේ තිබී හමුවුණ ජනපතිගේ පින

Directing the farmer to use organic fertilizer president gotabaya rajapaksa

රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ සහ මම ආස දේ. ඇත්තටම කියනවනම් මම කුඩා කාලේ ඉඳලාම ඔය කැලේ කොළේ අලේ මසේ කාල ජීවත් වෙන්න කැමති මනුස්සයෙක්. මට පොඩි කාලේ ඉඳලම ඔය ලැසි කෑම ජාතිවලට එච්චර ආසාවක් නැහැ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා හදන්නේ නැහැ කන්නේ නැහැ කියලා. නැහැ ඒ දෙකම කරනවා. හැබැයි මම මට කොස් ටිකක් කිරිහොද්දක් එක්ක හම්බුණාම කන…

Read More

ගොවියා කබලෙන් ලිබට ඇද දැමූ පොහොර අර්බුදය!

President gotabaya rajapaksa bans imports of chemical fertilizers

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ ඊයේ (27) දිනය. මේ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වන ජනාධිපතිවරයා පවසා තිබුණේ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවත් නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙසටය. ජනාධිපතිවරයා රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම නිසා මේ වන විට වෙළඳ පොලේ දැඩි පොහොර හිඟයක් මතුව ඇත. කිසිදු ඉදිරි…

Read More

කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!

Use of organic fertilizers president gotabaya rajapaksa

ජනාධිපතිවරයාගේ සෞභ්‍යාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවකි. නමුත් එය සිදුවන ආකාරයක් සඳහන්ව තිබුණේ නැත. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත්තේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමටය. ඒ ගොවියන් කාබනික පොහොර භාවිතයට හුරු කිරීමටය. නමුත් කිසිඳු ගොවියෙකු මෙයට එකඟ නැත. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය කඩිමුඩියේ කළ නොහැකි දෙයක් බවත් පියවරෙන් පියවරට කළ යුතු දෙයක් බවය. වසර ගණනාවක් පුරා රසායනික පොහොරට හුරු වී ඇති පැල එකවරම කාබනික පොහොරට හුරු කිරීම අසීරු බවත් මෙහිදී ගොවීන්ට පාඩු ලැබීමට සිදුවන බවත්…

Read More

කාබනික වගාවට අපි අකමැති නෑ – ගොවීන්ගෙන් රජයට රතු එළියක්!

chemical organic fertilizer usage Farmers against the government

කාබනික වගාවට ගොවියා බලහත්කාරයෙන් යොමු කිරීමට සැරසෙන්නේ පිටරටින් වස පිරුණු සහල් ඇතුළු දනධාන්‍ය ගෙන්වා කොමිස් කුට්ටි ලබාගැනීමේ කුමන්ත්‍රණයක් නිසා දැයි සැකයක් පවතින බවත් වහාම මේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම අකුලා නොගතහොත් ගොවීන් දස දහස් ගණනින් ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන වැටලීමට එන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය  පවසයි. ගොවියාට අවශ්‍ය පොහොර හා පළිබෝධ නාශක හිටි ගමන් තහනම් කිරීම නිසා ගොවියා මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව පොලොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (10) මේ බව ඔවුහු අවධාරණය කළහ. පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, ඇළහැර යන මහා වාරි…

Read More