රනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!

ranil wickramasinghe Ananda Palitha fuel supply in crisis in sri lanka

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ බොරුව නිසා රට තුළ ඉන්ධන පෝලිම් වැඩි වී ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගිය බවය. මේවනවිට සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් නිෂ්පාදනය කළත් එම තෙල් ජනතාවට අවශ්‍ය පරිදි බෙදා හැරීමට යාන්ත්‍රණයක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ වනවිට සති දෙකක් තිස්සේ කිසිම ඉන්ධන වර්ගයක් නොලැබුන පිරවුම්හල් ද ඇති බවය.…

Read More

ආයෙත් තෙල් නෑ

Fuel crisis in Sri Lanka india loan for sri lanka

දැනට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලැබුණ නිසා තෙල් අර්බුදය තාවකාලිකව සමනය වුණත් තව සති දෙකකින් උග්‍ර ඛනිජ තෙල් අර්බුදයක් එන්නට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ සති දෙකකට ප්‍රමානවත් තෙල් තොග මෙරට මේවනවිට තිබෙන බවයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මෙ.ටො 18,825ක්, සුපර් ඩීසල් මෙ.ටො 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙ.ටො 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙ.ටො 13,067ක් සහ ගුවන් යානා ඉන්ධන මෙ.ටො 386ක් ඇති බව ඔහු…

Read More

ඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!

Tea factories have been shut down due to diesel shortages

ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…

Read More

තෙල් නැව් 4ක් එන්නේ නෑ, ආයෙත් ඩීසල් හිඟයක්?

The arrival of diesel and petrol ships has been canceled fuel supply in crisis in sri lanka

එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත්  එය තව දින හතරකට උපරීම වශයෙන් ප්‍රමාණවත් වනු ඇති බවත් මෙම නැව් 4 පැමිණීම අවලංගු කිරීම මත නැවතත් ඩීසල් ප්‍රශ්නයක් පැනනඟින බවත් වාර්තා වේ. මේවනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව විසින් ඩීසල් යම් ප්‍රමානයක් නිපදවනු ලැබූවත් ඉදිරි කාලයේදි නැවතත් බොරතෙල් ලැබීමේ ප්‍රශ්නයක් උද්ගත බැවින් එම පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය ද ඉදිරියේ දී නවතිනු ඇත.

Read More

යුද්ධෙ නිසා IOC උඩ යයි!

Indian Oil Corporation ioc oil price fuel in sri lanka

රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රු.15 කින්, පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

Read More

වරායට තෙල් ආවට ගන්න සල්ලි නෑ, දඩත් කන්න වෙයි…!

Fuel ships to Colombo port economic crisis

ඉන්ධන නැව් හතරක් කොළඹ වරායට පැමිණ තිබුණත් එම නෞකා තුළ තිබෙන ඉන්ධන රට තුළට ගැනීම සඳහා ඩොලර් නැතිබව වාර්තාවෙන අතර එනිසා ප්‍රමාද ගාස්තුද විශාල වශයෙන් ගෙවන්න වෙනු ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඉන්ධන නැව් හතර ගොඩබෑම සඳහා නිසි කලට ඩොලර් මුදා හරින්නට මහබැංකුව අපොහොසත් වීම නිසා ඇ.ඩො. ලක්‍ෂ 3ක් පමණ ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40 000හේ නෞකා දෙකක්, ගුවන් යානා ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක් සහ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 අඩංගු නෞකාවක් වරායට පැමිණ ඇතැයි…

Read More

තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!

Sri Lanka in a fuel crisis

ඉදිරි කාලය සඳහා ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය මුදල් ප්‍රමානය පියවාගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් අවශ්‍ය බවත්, එම මුදල කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත්, එම මුදල සොයා ගැනීමට නොහැකි වුණොත් ඛනිජ තෙල් සැපයුම නිසි පරිදි පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බව බලශක්ති අමාත්‍යාංශය දෙසින් එන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. මේ පිළිබඳව අදහස් දක්වන විෂයභා‍ර අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරන්නේ ජනවාරි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 350ක මුදලක් වැයවෙන බවයි. දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150ක් බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඉතිරි මුදල කැබිනට් මණ්ඩලය හරහා ඉල්ලා සිටින බව ප්‍රකාශ කරයි.…

Read More

“ඉන්ධන මිල වැඩි කළා මදි” කබ්‍රාල් අසතුටෙන්

ajith nivard cabraal Fuel prices

පවතින ඉන්ධන ඉල්ලුම පහත දමාගෙන ඉන්ධන ගෙන්වන්නට වැයවෙන ඩොලර් ඉතිරි කරගැනීම සඳහා තමන් යෝජනා කළ ප්‍රමානයට ඉන්ධන මිල ඉහළ දැමුවේ නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල් අමාත්‍යාංශය සමග අසතුටෙන් පසුවන්නේ යැයි දැනගන්නට ලැබේ. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පවතින ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒමට නම් පෙට‍්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24ක් සහ භූමිතෙල් රුපියල් 11ක් යන ප්‍රමානවලින් මිල වැඩි කළ යුතු බවයි. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ නැවත සැරයක් මිල වැඩිවීමක් හෝ ඉන්ධන ලබාදීමේ කූපනයක් හෝ මෙම අර්බූදයට විසඳුම ලෙස හඳුන්වා දෙන්නට බොහෝදුරට ඉඩ…

Read More

ඉන්ධන සැපයුම කොටඋඩ යන ලකුණු!

Fuel supply in crisis in sri lanka

පවතින ඩොලර් හිඟය නිසා, ඉදිරි කාලයේදී අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව  නොකඩවා සැපයීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත පැවසීය. මසකට ඩොලර් මිලියන 420ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැයවෙන අතර දැනට උද්ගත තත්ත්වය තුළ මෙම මුදල සොයාගැනීම ප්‍රශ්නයක් වී ඇත. එම තත්ත්වය තුළ සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමේ තත්ත්වයක් හෝ උදාවිය හැකි යැයි ප්‍රකශ කරන ඔහු, එසේ නොමැති වුණොත් ලංකාවේ මුලු ඉන්ධන සැපයුමම ඉන්දියාව මත රඳාපවතිනු ඇතැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. යම් හෙයකින් ඉන්ධන සැපයීම අඩාල වුවහොත් ලංකාව විශාල බලශක්ති අර්බූදයකට මුහුන දෙනු ඇත. තත්ත්වය මෙය වුණත් ජනාධිපතිවරයා මෙන්ම මුදල්…

Read More