එන්නත් මාත්‍රා මිලියන තුනක් එනවා, අවශ්‍ය මුදල් රජය සතුයි! – ඇමති කෙහෙළිය

covid vaccine sri lanka Government keheliya rambukwella

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි කොරෝනා මර්ධන එන්නත් සියල්ල ඉදිරි මාස තුළ ඇතුලත මෙරටට ගෙන එන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් හිමිවීමට නියමිත බවත් එහිදී මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික සඳහා  ප්‍රමුඛතාවක් හිමිවන බව අද (09)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එන්නත් ලබා ගැනීම සඳහා රජයට මුදල් නැතැයි ඇතැම් පාර්ශව නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි එන්නත් ලබාදීමට…

Read More

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?

institution of higher education for journalists

එදා කිහිප දෙනෙකුට සීමා වී  තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ ක්‍රමවේදයක් නැත. මේ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනා පුද්ගලික මුදල් ගෙවා ජනමාධ්‍ය පාසල් වල හෝ විශ්ව විද්‍යාල වල පවතින ජනමාධ්‍ය පාඨමාලා හදාරනු ලබයි. නමුත් මේ කිසිවෙක් අධ්‍යාපනය නොලද අයද අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටියි. සරලව පැවසුවහොත් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයින් නිසා මේ ක්ෂේත්‍රය ජඩ මාධ්‍ය ක්ෂේත්‍රයක් වෙමින් ඇත. මේ පිලිබඳ…

Read More

ගුවන් විදුලි සංස්ථා සීතල අර්බුදය!

Sri Lanka Broadcasting Corporation Cold Crisis

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා  ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11 ) පස්වරුවේ දැනුම් දුන් පුවත අද (12) මාධ්‍ය රැසක වාර්තා කර තිබුණි. ඊට ආසන්නතම හේතු ලෙස සඳහන් වී තිබුණේ නුවරඑළිය, උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගැනීමය. පෞඩ ඉතිහාසයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවියට අනුව ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි විකාශනාගාරය වූ “කොළඹ ගුවන් විදුලිය” 1925 දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කර ඇත.  ඉන්…

Read More

ත්‍රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.

ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන  බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත්  එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි  මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රටේ පවතින නීතියට ඔබ්බෙන් ගොස් කැලෑ නීතියක් අතට  ගැනීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත් එම සංවිධාන ද තමන්ගේ සීමාව සහ වපසරිය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි අමාත්‍යවරයා කීවේය. එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ දරමින් විවිධ සංවිධාන…

Read More

ජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා – ලංකා ගුරු සංගමය

සිසුන් කිහිප දෙනකු  සහ ගුරුවරියක් කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක  නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය ඇමැතිට චෝදනා කරයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ්  19 වෛරසය  ආසාදනය වී ඇති අතර, අදාළ ගුරුවරිය මේ වන විටත් පැනිදෙනිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත. එවැනි අවදානම් තත්වයක පවතින පාසලක පාසල් තූර්යවාදක කණ්ඩායම ද යොදවාගෙන ආරාධිතයන් 150 කට පාසලේ සංග‍්‍රහයක් ද සූදානම් කොට සමාජ දුරස්තභාවය ද ආරක්ෂා නොකරමින් සමස්ත පාසල් සිසුන් දැඩි අවදානමකට යොමුකොට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය…

Read More