OMP / අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක නිලධාරීන් පත් කිරීමට ජත්‍යන්තර විරෝධය!

yasmin sooka former security personnel to the OMP Bribery Commission

යුධ සමයේ  හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි. මීට පෙර මෙම රජය විසින් මෙහි සභාපතිවරයා ලෙස පත් කර තිබුණේ හිටපු විනිසුරුවරයෙකු වු උපාලි අබේරත්න මහතාය. මොහු තරුණයන් 11 කු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ විනිසුරුවරයෙකි. එසේම දේශපාලන පළිගැනීම් පිලිබඳ කොමිසමේ සභාපතිවරයාද විය. ඒ නිසා ඔහුගේ පත්වීම පිලිබඳ මෙරට සියලුම මානව හිමිකම් ක්‍රියාකාරීන් විරෝධය පළ කර සිටියහ. එම විරෝධය හමුවේ ඔහුව එම තනතුරින් ඉවත් කර හිටපු…

Read More

හිටපු අග විනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ජාත්‍යන්තර විරෝධතාවක්!

International Law Commission Chief Justice Mohan Peiris ITJP

ජාත්‍යන්තර නීති සම්පාදනය සම්බන්ධ වගකීම් දරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමට 2023 ජනවාරි සිට අවුරුදු පහක් සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඡන්දය විමසීමට නියමිතය. සමස්ත සාමාජික මණ්ඩලයේ 34ක් අතරින් අට දෙනකු තෝරා පත් කරගනු ලබන්නේ ආසියා ශාන්තිකර කලාපීය රටවල්වලිනි. ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් නම් කර ඇත්තේ මොහාන් පීරිස්ය. ඔහු දැනට නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් කර ඇති නාම යෝජනාව හෙලා දකින සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) “රටේ…

Read More

හමුදාපති ගැන බ්‍රිතාන්‍යයට රහස් වාර්තාවක්!

Secret report to Britain on Army Commander Shavendra Silva ITJP

එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය  වාර්තාවක් භාර දී තිබේ. යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට අදාල පිටු පනහකින් සමන්විත එම වාර්තාව එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දී ඇත්තේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි. නඩු නැති ඝාතන ඇතුළු යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා වල විශ්වසනීයත්වය පදනම් කොටගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති…

Read More

ශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා ගැන බලපෑම්!

Impact on Peacekeeping Forces in Sri Lanka

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරන එක්සත් ජාතීන්ගේ  වාර්තාවක් නිකුත් වීමත් සමගම සාමසාධනය සඳහා යැවෙන භට පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටම බලපෑම් මතුවී තිබේ. මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විසින් ජනවාරි 17 දා ප්‍රසිද්ධියට පත් කෙරුණු අලුත්ම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණු එක් කරුණක් වූයේ සාමසාධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා භට පිරිස් සම්බන්ධ සෝදිසි කිරීම් පුනරීක්ෂණයට ලක් කරන ලෙසයි. හමුදා භට පිරිස්වල පූර්ව පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආයතනයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය සහමුලින්ම ඛාදනය වී ඇති බවට අනතුරු අඟවා සිටින එම…

Read More

මානව හිමිකම් පිලිබඳ සෙවීමට තව කොමිසමක් පත් කිරීම වින්දිතයින්ට කරන අපහාසයක්! – යැස්මින් සූකා

Appointing another commission to look into human rights is an insult to victims! - Yasmin Sooka

“ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද වන බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “හුදෙක් වසන් කිරීමක් සහ කාලය නාස්ති කිරීමක් වන මේ කොමිසමට කිසියම්ම හෝ පිළිගැනීමක් ලබා දෙතොත් එය සමස්ත එක්සත් ජාතීන්ගේ කාර්යදාමයම අනතුරේ හෙලීමක් වනු ඇත,” යි යැස්මින් සූකා අනතුරු අඟවා තිබේ. අතීතයේ පත්කොට තිබූ කොමිෂන් සභා සහ කමිටු මගින්, සිදුවී ඇතැයි වාර්තා වී ඇති යම් යම් මානව හිමිකම් සම්බන්ධ හා වෙනත් එවැනි වරද පිළිබඳව නිර්දේශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, පරීක්ෂා…

Read More

කැබිනට් මණ්ඩලයේ තුනෙන් එකක් දුෂිතයි! – ITJP

Cabinet members in Sri Lanka are corrupt

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුනෙන් පංගුවකට පත්වීම් ලබා දී ඇත්තේ දූෂණ වංචා හෝ මිණිමැරුම් චෝදනා ලබා තිබියදී බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. චූදිතයන්ගේ ඡායාරූපද සහිත තොරතුරු රූප සටහනක් ප්‍රසිද්ධියට  පත් කරමින් දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය නිමිති කොට එම අධ්‍යයනය කර ඇති සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පෙන්වා දෙන පරිදි පවරා ඇති නඩු සමහරක් තවමත් විභාග වෙමින් පවතී. “නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම යනු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලබන නිලධාරියකු වේ නම්,  රාජ්‍යයේ ඉහළම තානාන්තර වලට පත් කරනු ලැබීමට පෙර සිය නම සුද්ද කර ගැනීමයි,” යනුවෙන්…

Read More