බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බවයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. ඒ  සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ. පෞද්ගලික අංශයේ…

Read More

ගල වැටිලා ගොඩක් කල්..!

public sector government services in sri lanka

පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති නිසා මේකේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට යන්න ඕනෑ කියලා. සමහරු කිව්වා මේ ගල පාරට වැටුණට පස්සේ පොලීසිය අනතුරු සංඥා පෝරුවක් ගැහුවනම් මේ විපත වෙන්නේ නෑ කියලා. ඔහොම ඔහොම කතන්දර අහපු මට හිතුනේ රාජ්‍ය සේවයට නේද මේ බනින්නේ කියලා. මම නිතරම කලවාන රත්නපුර පාරේ යනවා. පෑබොටුවට ආසන්න තැනක වංගුවක කන්ද නාය ගිහිං පාරේ එක මන්තීරුවක් පහළට…

Read More

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

Human Rights Commission Of Sri Lanka maternity leave

අලුතින් රාජ්‍ය සේවයට එක්වන දසදහස් සංඛ්‍යාත කාන්තා බලකායක ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සඳහා සම්මත රෙගුලාසි වලට පටහැනිව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිසමට යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මාර්තු 12 සිකුරාදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය , වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන ඒකාබද්ධවය. ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව 2020 සැප්තැම්බර් 7 දින කරන ලද පැමිණිල්ලට අදාළ විභාගය අද  දිනයේ මානව හිමිකම් කොමිසමේදී පැවැත්වු බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සදහන් කරයි. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නියෝජනය කරමින් ඒකාබද්ධ…

Read More