රාජ්‍ය සේවකයන්ට ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියාවක්

රාජ්‍ය සේවකයින්ට විදේශ ගතවීමකින් තොරව මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමට හැකි ද යන්න අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

එනම් වසර 5ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙම කමිටුවේ අරමුණයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබාදෙන ලෙස උපදෙස් දුන් බවද එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අවධාරණය කර ඇත.

Social Sharing
නවතම