එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. පසුගිය ඔක්තෝබර් 26 වනදා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන්ව තිබුණේ “එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායේ කාර්යය වන අතර ඊට අදාළ සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත්…
Read MoreTag: gotabaya rajapaksa twitter
එක රටක්, එක නීතියක් ගැන තවත් සංවාදයක් අවශ්‍යයි – ජාතික සාම මණ්ඩලය
යුක්තිය ඉටු වන බව දැකිය යුතු අතර, සමස්තයක් වශයෙන් මේ මොහොතේ හොඳම තේරීම වනුයේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම බවත් ඒ නිසා එක රටක්, එක නීතියක් ගැන තවත් සංවාදයක් අවශ්‍ය බවත් ජාතික සාම මණ්ඩලය පවසා සිටියි. වගවීම සහ ප්‍රතිෂ්ඨාපනය යුක්තිය වැනි මූලධර්ම අනුගමනය කරමින් ජාතික ප්රතිසන්ධාන ක්‍රියාවලියට ශක්තියක් වීම යන අරමුණු සඳහා UN සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට කමිටුවේ සංයුතිය සහ ඊට ලැබී ඇති ජනවරම සුදුසු නොවන බව ජාතික සාම මණ්ඩලයේ අදහස වේ. එක් නීතියක්, එකම රටක් යන මූලධර්මය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කිරිම පිලිබඳව නිවේදනයක් නිකුත්…
Read Moreඋපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන් උපන් රටට පැමිණෙන්ට වරම් ලැබීම පිළිබදව වූ අප්‍රමාණ සතුටකිනි. ලංකා ආණ්ඩුවෙන් සකස් කර දෙන ලද ගුවන් බලපත්‍රයෙන් කටුනායකට පැමිණි ජෝසප් තමන්ට හුරු පුරුදු නැවුම් සුළගින් පපුව පුරවා ගත්තේය. එදා නැවුම් බලාපොරොත්තු රැසක් සමඟ මෙරටට පැමිණි…
Read Moreවී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!
සහල් මාෆියාව නැති කිරීම සදහා මෝල් මාෆියාකරුවන්ගේ වී මෝල් රජයට පවරාගෙන එහි සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර හෝ ජනතාවට ප්‍රධාන ආහාරය සාධාරණ මිලකට ලබා ගැනීමේ අයිතිය රජය තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයි පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ ඊයේ (21) පැවති වැඩසටහනකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහි දී ඇමතිවරයා මෙසේ ද කීය. සහල් මිල සම්බන්ධයෙන් කොහොමත් ඉදිරියේ දී අපි අනිවාර් යයෙන් ම පියවර ගන්නවා. මොකද අපි දන්නවා නැවතත් මාෆියාව ක්‍රියාත්මක වෙනවා. අපේ යෝජනා තියෙනවා. ඒ යෝජනා…
Read Moreතවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.
පළාත් සභා මැතිවරණ කතාව එනවිට පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න සුදානමක් ඇති බවත් තව දුරටත් මේ අල්ලස් දේශපාලනයට රැවටෙනවා ද? කියා ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියි. බඩුමිල ඉහල ගිහින් තියෙනකොට බදු මිලට අදාලව කටයුතු නොකර අයවැය හරහා මැතිවරණයට සුදානම් වීමක් නම් ආණ්ඩුවේ තිබෙන බවට වාර්තා වන අතර සහන දෙනවා කියා ආවට අවුරුදු දෙකක් වෙනකොටවත් කිසිම සහනයක් ආණ්ඩුව ජනතාවට නොදුන් නමුත් දිනපතා මැති ඇමතිවරුන්ට නම් සහන ලැබුනු බව…
Read Moreඅපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!
මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල් පීරි ඉතිරී යද්දී තවත් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් නිවෙස් වලට සිර වී කිසිවක් කර කියා ගත නොහැකි ත්ත්වයකට පත්ව සිටියි. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවෙස් වල පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් සිටියි. ඒ් බව ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදීද සාකච්ඡාවට ලක් විය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ දත්ත වලට අනුව ගම්පහ එවැනි…
Read Moreස්වේඡා සංවිධාන අධික්ෂණයට නව පනතක්
ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම සදහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනතේ සදහන් විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බව රජය ප්‍රකාශ කර සිටියි. ඒ් අනුව ජනාධිපති ආරක්ෂක අමාත්‍ය වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ( ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනත වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නව පනතක් හදුන්වා දීමට හැකි වන…
Read More