ස්වේඡා සංවිධාන අධික්ෂණයට නව පනතක්

ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම සදහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනතේ සදහන් විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බව රජය ප්‍රකාශ කර සිටියි.

ඒ් අනුව ජනාධිපති ආරක්ෂක අමාත්‍ය වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ( ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනත වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නව පනතක් හදුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අගෝස්තු 09 සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Social Sharing
නවතම