මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන් සිටීමට සිදුව ඇත්තේ මිනීමරු නිලධාරීන් සමඟ බවත් ඔවුන්ට අවම වශයෙන් මේ වනතුරු ස්ථාන මාරුවක්ද ලබා දී නොමැති බව ඔහු පවසයි. මේ වන විට මහර රැඳවියන්ට පහර දෙමින්, ආහාර පාන නොදී ඔවුන්ට මෙහෙම කියපන්, මෙහෙප කියපන් කිය කියා අඩත්තේට්ටම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කිහ. විමල් වීරංශ කියු පෙති කථාවම බන්ධනාගාර මාධ්‍ය ප්රකාශකවරයාද තහවුරු…
Read MoreTag: commissioner of prisons sri lanka
වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?
වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර ඇත්තේ වැරදීමකින් බව වාරියපොල පොලිසිය අධිකරණයට දන්වා සිටි බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය. වාරියපොල පොලිසිය විසින් මෙම රැඳවියාව නැවත අත්තඅඩංගුවට ගෙන පහුගිය 03 දා වාරියපොල දිසා විනිසුරු වෙත ඉදිරිපත් කර තිබු අතර එහිදී මොහුව දින 14 ක් කුලියාපිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බාර දෙන ලෙස නියෝග කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදරටත්…
Read Moreසිරකරුවන් ඝාතනය කරනවා කියන්නේ, මහේස්ත්‍රාත් තුමාගේ ගෙදර පිරිසක් මරණවා වාගේ වැඩක්!-සුදේශ් නන්දිමාල් (ලේකම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව)
මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?
මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක අමාත්‍යවරයා වෙත භාර දී තිබුණි. එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණේ රැඳවියන්ගේ ආරක්ෂාව පතා සිදු කළ මෙම උද්ඝෝෂණය සාධාරණ බවය. ඊට හේතු ලෙස සඳහන් කර තිබුණේ රැඳවියන් අතර කොවිඩ් ව්‍යාප්තිය, බන්ධනාගාර තදබදය, ආහාර ගැටළුව, පානීය ජල…
Read Moreශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ සදහා බන්ධනාගාරයන්ට අමතරව රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. මෙම අධ්‍යයනයේ දී එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සාකච්ඡාවට බඳුන් කර තිබේ. 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු…
Read Moreමහර වෙඩි තැබීමෙන් මිය ගිය ජා-ඇල රැඳවියාගේ ඛේදවාචකය!
මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය. ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ වල ගීත ගායනා කිරීම වෘත්තිය කර ගත් සම්පත් මිට මාස පහකට පමණ ප්‍රථම මත්කුඩු සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි. සම්පත් මහර බන්ධනාගාරයේ දිවි ගෙව්වද ඔහුගේ දරුවන් දැන් සිටියේ තම පියා රට ගොස් ඇති බවකි. බන්ධනාගාර වෙඩි තැබීමෙන් එම දරුවන් තිදෙනාට දැන් සිය පියා…
Read Moreසිරකරුවන්දෙස මානුෂීයව බලන්න. ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් …
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි. බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා බලධාරීන්ට එසේ උපදෙස් දී ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින හෙයින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර තිබේ. බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල්…
Read More“මහර ගැටුමින් පසු සැමියා ගැන කිසිඳු තොරතුරක් නෑ” බිරිඳ මානව හිමිකම් කොමිසමට
රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියා සම්බන්ධ කිසිඳු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ. දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි. “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”…
Read Moreමහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව දැන ගත යුතු බවය. එමෙන්ම බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සදහා වහාම පියවර ගත යුතු බවත් ඇප ලබා දිය හැකි වරදවල් වලට රිමාන්ඩ් භාරයෙන් නිදහස් කිරීම, අන් අයට හදිසි නඩු විභාග කිරීම, සුලු වැරදි සම්බන්ධයෙන් ඇප දිය හැකි ඒවාට රිමාන්ඩ් කිරීමෙන් වලකින ලෙසත්ය. නොවැම්බර් 30 සවස 4 වන විට අදාල බලධාරීන්ට මේ ගැටුම පිලිබඳව මානව…
Read More