සජබ විරෝධතාවයට විශාල ජනතාවක් කොළඹට

sjb meeting today

සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගර‍යට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ බලා නෙක ප්‍රදේශවල සිට ධාවනය වෙමින් තිබෙන බවයි. මෙම පා ගමන පිළිබඳව සිය ෆේස්බුක් ගිනුම හරහා අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කියාසිටින්නේ පස්වරු 1ට මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිටින් සහ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ වෙන බවය.

Read More

යමක් කල හැක්කේ කෙලෙසද? එය එලෙසින් කළ යුතුය!

43 Conference Group 43 new political discussion in sri lanka

43 සමුළුව ගැන අදහස් ගොන්නක්.. අද රට මුහුණ පා තිබෙන ණය අර්බුධයට නිදහසින් පසු සිටි පාලකයන් සියලු දෙනා වගකිවයුතු බව “දාර්ශනික ඇත්තක්” විය හැකි වුවද එය කරුණුමය වශයෙන් එතරම් සත්‍යයක් නොවේ.  අද අපට ගෙවන්නට තිබෙන සමස්ථ ණය ප්‍රමාණයෙන් සීයට අසූවක්ම ලබාගෙන තිබෙන්නේ 2005 න් පසුවය. ඩී ඇස් සේනානායකගේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා සියලු දෙනා ලබාගෙන ඇත්තේ ඉන් සීයට දාහතරක් වැනි සුළු ප්‍රමාණයකි. යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් ණය වලින්ද සීයට අසූවක් ලබාගෙන ඇත්තේ 2005 සිට 2015 දක්වා ගත් ණයවල පොලිය ගෙවීමටය. 2005 සිට 2015 දක්වා රට මොනතරමේ විනාශකාරී ආර්ථික ගමනක ගොස් ඇත්ද…

Read More

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි

Patali Champika Ranawaka accident case attorney general

පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිගත් අධිකරණය, මෙම නඩුව ලබන පෙබරවාරි 18 වනදා සිට සාමාන්‍ය පරිදි විභාගයට ගන්නට තීරණය කර ඇත. අද 21 දා විභාගයට ගත් මෙම නඩුවේදී වෛද්‍ය වාර්තා සාවද්‍ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තර්ක, විත්තියේ නීතිඥවරයා හාස්‍යයට ලක් කරමින් පෙන්වා දී ඇත්තේ, මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම…

Read More

‘ගෝඨාභය ඔබ කියන්නේ බොරු’ – පාඨලී චම්පික රණවක

Gotabhaya you are lying patali champika

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පාලන කාලය තුළ සතයක්වත් ණය අරගෙන නැතැයි කීම බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සියලු තොරතුරු සමග ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ (2020-21) ඩොලර් මිලියන 5000කට ආසන්න ණය ප්‍රමානයක් විදේශ රටවලින්, ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තිබෙන බව ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා ඔහු  පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ණය ගත්ත බවත් ඒ ණයවලින් 77%ක් මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත ණය බවත් ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂ මේරටේ ආහාර සුරක්ෂිතතාවය උඟස් කළ බවත් මේ වනවිට ජනතාවට බඩගින්නේ ඉන්න සිදුවී තිබෙන බවත් ප්‍රකාශ කරන චම්පික රණවක මන්ත්‍රීවරයා පොහොර, තෙල් සහ…

Read More

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී

Patali Champika Ranawaka Bankruptcy of the country

එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම සඳහා උවද දැන් ප්‍රමාද බව කියා සිටින හිටපු අමාත්‍යවරයා මේ තත්ත්වය විසඳීම සඳහා වහාම මුදල් පාලන බලය හිමි පාර්ලිමේන්තුව මැදිහත් වියයුතු බව කියා සිටී. ලංකාවේ මහ බැංකුව දේශීයව මොන සුරංඟනා කතා කීවත් ජාත්‍යන්තර ආයෝජයකයින්, මූල්‍ය සමාගම් පිළිගන්නේ පිච් මූඩි වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන කියන දේ බව කියා සිටින ඒ මහතා එනිසා එලබෙන ජනවාරියේ…

Read More

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

patali champika ranawaka fuel price sri lankan politics

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ මහතා පවසන්නේ ස්මාර්ට් පෝන් ඇති නැති දරුවන් ලෙසට, ඩේටා ගන්න පුලුවන් හා නැති දරුවෝ විදිහට, සිග්නල් ඇති හා නැති දරුවෝ විදිහට අද දරුවන් අතර විෂමතාවයක් මතුව ඇති බවය. ආණ්ඩුවට මෙය පහසුවෙන් විසඳිය හැකිව තිබියදීත් එසේ නොකළ බවත් අද විශ්ව විද්‍යාල වරම් හිමි දරුවන්ට එහි යන්නට නොහැකි වී ඇත්තේද විශ්ව විද්‍යාල වල සිටින දරුවන් වසර ගණන…

Read More

කොයි ආණ්ඩුවත් ණය ගත්තා නමුත් වර්තමාන ණය අර්බුදය සුවිශේෂයි!

patali champika ranawaka current economic situation in sri lanka

අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න ‌රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දෙයි. කොයි ආණ්ඩුව යටතේත් ණය ගත් බවත් නමුත් වර්තමාන ණය අර්බුදයේ සුවිශේෂත්වයක් ඇති බව ඒ මහතා කියයි. අප වසර 70 ක් පුරා ණය ගත් බවත් එහිදී සිදු කළේ ගත් ණය පියවන්න තවත් ණය ගත් බවය. නමුත් 2020 වසරේදී ගත් ණය පියවීමට ණය ගැනීමට නොහැකි වී ඇති බව පවසන…

Read More

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

patali champika ranawaka president commission sri lanka

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි අබේරත්න කොමිසම යම් යම් නියාමන දෙන බවද ඒ මහතා පවසයි. මාස කිහිපයක් ඇතුලත නඩු 77 ක් පිලිබඳ විමසීම් කර ඉතාම පක්ෂපාති, මේ රටේ අධිකරණ ක්‍රමයටම අභියෝගයක් වෙන යෝජනා මේ උපාලි අබේරත්න කොමිසම ක්‍රියා කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මේ කොමිසමේ අනෙක් සාමාජිකයින් ගත් කළ ඔවුන්ද මෙරට ගෞරවාන්විත රාජකාරි කළ විනිසුරුවරුන් නොවන බවත් ඔවුන් තම පෞද්ගලික…

Read More

මංගලට එරෙහි චම්පිකගේ අදේශපාලනික කලබලය!

The politics of Mangala Samaraweera and Champika Ranawaka

මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට ඒ සඳහා වර්ෂ 2000 තෙක් බලා සිටීමට සිදු විය. එනමුත් පාර්ලිමේන්තුවෙන් පිට චම්පිකගේ දේශපාලනය පැවතුණි. පසුගිය දිනක චම්පික ඔහුගේ දේශපාලනයේ ඊළග පිම්ම පැනීමේ පළමු වෙඩිමුරය තැබුවේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමෙනි. 43 සේනාංකයද බිහි විය. කුසලතාවාදයට මුල් තැන දෙන කන්නන්ගර දරුවන්ට යුක්තිය ඉටු කරන මැද පන්තිය ආකර්ශනය කරන සටන් පාඨ බිහි විය. චම්පික වෙනුවෙන් පෙනී…

Read More

ගෝඨා නෙවෙයි මතවාදයයි ෆේල් කිව්වාම, චම්පිකවාදීන් ඇයි මෙහෙම???

The political journey of Mangala Samaraweera and Patali Champika

චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. “ෆේල් ගෝඨා නෙවෙයි, ඔහු නියෝජනය කරන මතවාදයයි ෆේල්. ඔහු වෙනුවට ඒ මතවාදයම නියෝජනය කරන ඔහු වැනිම වෙනත් කෙනෙකු ආදේශ කිරීම විකල්පයක් නොවේ” යන්න  එම කතාවේ සාරය ලෙස සැලකිය හැකිය. විවේචනය ගෙන ආ පුද්ගලයා කවුරුන් වුවත්, එම විවේචනය ඉතා ප්‍රබල දේශපාලන විවේචනයක් බව මගේ අදහසයි. සිදු විය යුත්තේ ඒ ගැන තියුණු දේශපාලන සංවාදයක් ගොඩනැඟීම වුවත් චම්පික හිතවාදීන් හා අනුගාමිකයන්…

Read More