Tag: bureau of foreign employment
මමත් රට විරුවෙක්
ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර තමයි අවුරුදු තුනයි මාස හතරක් තියාගෙන පුතාට අසනීප හින්දා බොහොම අමාරුවෙන් කියලා ආවේ. බොහොම දුකයි. ළමයි දාලා ගිහිල්ලා මාස පහ හයක් යනකම් කන්න හිතෙන්නේ නැහැ. ළමයි දාලා අම්මා කෙනෙක් රට යනවා කියන එක හරිම දුකයි. දරාගන්න බැහැ. මට තිබුණා ළමයි තුන්දෙනෙක් බලාගන්න. ගෙවල් අස් කරන්න, රෙදි හෝදන්න, රෙදි මදින්න ඒ ටික තමයි මට තිබ්බේ. උයන්න…
Read More“ඩොලර් සොයා” විදෙස් ශ්‍රමිකයින්ගේ කතාව 02
ඇයත් රට විරුවෙක්! | Migrant Workers Issue | කාන්තා හිංසනය
රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!
අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින් රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම සමගය. මෙම පිරිස කල්පිටිය ප්‍රදේශයට ගමන් කළ වෑන් රථයක් බාරයට ගෙන රියදුරු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. එක් කාන්තාවක් හා කුඩා දරුවන් හතර දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස කිලිනොච්චිය, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉකුත් ජුනි මාසයේ දී මෙවැනි පිරිසක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට…
Read Moreහොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය, විදේශසේවා කාර්යාංශය ආදි ආයතන අසල මේ දිනවල ඇත්තේ දැඩි පෝලිම්ය. 80-90 දශකයේ නම් බොහෝ පිරිසක් විදෙස්ගත වුයේ මැදපෙරදිග රටවල රැකියාවන්ටය. යුරෝපා රටකට ගියේ අධ්‍යාපනය ලැබීමට සිටි අයෙකුය. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. බොහෝ දෙනෙකු දැන් රැකියා සඳහා යාමට උත්සහ දරන්නේ යුරෝපා රටවල රැකියාවන්ටය. ඒ මේ වන විට යුරෝපා රටවලද රැකියා තිබීම…
Read More“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!
බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජයට පිටත් කර යවන ජාවාරමක් මෙරට සිදුවන බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) විසින් පහුගියදා හෙළිදරව් කර තිබුණි. ඒ් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ඉකුත් දා සිදු කළ වැටලීමකදීය. බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) පවසන ආකාරයට මෙරට කාන්තාවන්…
Read More