ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ

Suspicion of betrayal by Anne Frank foreign news

නව පර්යේෂණයකින් ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු  FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි. FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන් ඩෙන් බර්ග් සිය පවුල බේරා ගැනීම සඳහා ෆ්‍රෑන්ක්වරුන් අත්හැර ඔවුන්ව පාවාදී ඇති බවයි. වෑන් ඩෙන් බර්ග් ඈම්ස්ටර්ඩෑම්හි යුදෙව් කවුන්සිලයේ සාමාජිකයෙකු වූ අතර එම  ප්‍රදේශවලත් නාසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බල කෙරුණි. එම නිසා එය 1943 දී විසුරුවා හරින අතර එහි සාමාජිකයන් සි‍ර කඳවුරුවලට යවන ලඳි. නමුත් වෑන් ඩෙන් බර්ග් නාසි සිර කඳවුරු වලට නොයැවීය. ඔහු ඈම්ස්ටර්ඩෑම්හි…

Read More

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

‘මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ’ සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍ රුක්ෂි මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍යයේ BBC වෙබ් අඩවියට. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විදෙස් මාධ්‍ය දැන් දැන් විශාල වශයෙන් කතාකරන්න පටන් අරගෙන. එදිනෙදා කුලී වැඩ වලින් සිය පවුල නඩත්තු කරන සැමියාගේ සොච්චම් මුදල අහස උසට යන බඩු මිල සමඟ පොරබදන ආකාරය බලාසිටින නිලූකා තමන්ගේ කඳුළු කතාව BBC ය හරහා ලෝකෙටම කියනවා. නිලූකා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට…

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

Prisons in Sri Lanka are unsuitable for human beings BBC

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ සදහා බන්ධනාගාරයන්ට අමතරව රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. මෙම අධ්‍යයනයේ දී එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සාකච්ඡාවට බඳුන් කර තිබේ. 2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු…

Read More

ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !

BBC-Sinhala

ශ්‍රී ලංකා ජනතාවගේ අර්බුදකාරී අවස්ථාවන්හිදී නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා සවන් දෙමින් සිටි බීබීසී සිංහල සේවාව නොවැම්බර් මස 30 වන දින සිට හදිසියේම වසා දැමීමට තීරණය කර තිබේ. සතියකට අසන්නන් 833,000 සවන් දෙන මේ සේවය ලංකාවේ 87-89 භීෂණ සමයේදීත්, සිවිල් යුද සමයේදීත්, ජනතාවගේ, පීඩිතයාගේ වින්දිතයාගේ සිට තොරතුරු හුවමාරු කිරීමේ සමාජයට විශාල සේවයක් කළේය. සංදේශය අහිමිවීම ශ්‍රී ලංකා ජනතාවට විශාල පාඩුවකි. වර්තමානයේදී ද තොරතුරක නිවැරදි භාවය හා සත්‍ය තොරතුරු දැනගැනීමට සංදේශය හා සිංහල වෙබ් පිටුව පරිහරණය කරන විශාල පිරිසක් සිටියි. එක්සත් රාජධානියේ තිබෙන ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (The National Union of Journalists –NUJ)…

Read More

BBC වැනි මාධ්‍ය ආයතනයක් ගත්තේ නොගත යුතු පියවරක්!- FMM කියයි

BBC Sandeshaya BBC Sinhala free media movement fmm

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති  හා මානව හිමිකම් ගැටළු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. ”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට  තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති  BBC  වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනි මහත්මියගේ හා එහි…

Read More