ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ

නව පර්යේෂණයකින් ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු  FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි.

FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන් ඩෙන් බර්ග් සිය පවුල බේරා ගැනීම සඳහා ෆ්‍රෑන්ක්වරුන් අත්හැර ඔවුන්ව පාවාදී ඇති බවයි. වෑන් ඩෙන් බර්ග් ඈම්ස්ටර්ඩෑම්හි යුදෙව් කවුන්සිලයේ සාමාජිකයෙකු වූ අතර එම  ප්‍රදේශවලත් නාසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බල කෙරුණි. එම නිසා එය 1943 දී විසුරුවා හරින අතර එහි සාමාජිකයන් සි‍ර කඳවුරුවලට යවන ලඳි. නමුත් වෑන් ඩෙන් බර්ග් නාසි සිර කඳවුරු වලට නොයැවීය. ඔහු ඈම්ස්ටර්ඩෑම්හි ජීවත් විය. ඔහුගේ සහ පවුලේ ආරක්ෂාව පිණිස ඔහු යුදෙව්වන් පිළිබඳව තොරතුරු නාසි හමුඳාවට ලබාදුන්නේය. මේ පිළිබඳව ඈන් ෆ්‍රෑන්ක් ගේ පියා ඔටෝ ෆ්‍රෑන්ක් දැනගෙන සිටි අතර එය රහසිඟතව තබාගෙන සිටියේය.

Suspicion of betrayal by Anne Frank foreign news Suspicion of betrayal by Anne Frank foreign news

ඉතිහාසඥයින් සහ විශේෂඥයින්ගෙන් සැඳුම් ලත් මෙම පර්‍යේෂන කණ්ඩායමට මේ පිළිබඳව සොයාගැනීමට වසර 06 ක් ගත විය. මේ සඳහා ඔවුන් නවීන ශිල්පීය ක්‍රම භාවිතා කර ඇත. ඔවුන් පරිඝණක ඇල්ගොරිදමයන් භාවිතා කිරීම මඟින් විවිධ මිනිසුන් සමඟ සබඳතා සොයාගෙන ඇත. මෙම විමර්ශක කණ්ඩායම විසින් වෑන් ඩෙන් බර්ග් ඔටෝ ෆ්‍රෑන්ක් ට යැවූ නිර්ණාමික ලිපියක් සොයාගෙන ඇති අතර එහිදී තහවුරු වූයේ බර්ග් තමන්ගේ ආර්ක්ෂව උදෙසා ෆ්‍රෑන්ක් පවුල නාසි හමුදාවට පාවා දී ඇති බවයි.

විමර්ශන කණ්ඩායම මෙයින් නිගමනය කරන්නේ වෑන් ඩෙන් බර්ග්ගේ ජීවිතය බේරාගැනීමට, නාසීන් විසින් ඔහුව දරාගත නොහැකි තත්වයකට පත්කර තැබූ නිසා, ඔහු ඔටෝ ෆ්‍රෑන්ක් ඇතුළු පවුල සිටි තැන නාසීන්ට හෙළිකර තිබෙන බවයි.

කෙසේ නමුත් 1950 දී ආර්නෝල්ඩ් වෑන් ඩෙන් බර්ග් මියගිය බවට ලන්දේසි පුවත්පතක් වාර්ථා කරයි. එමෙන්ම ඈන් ෆ්‍රෑන්ක් හවුස් කෞතුකාගාරය ප්‍රකාශ කර සිටියේ ඔවුන් මෙම සොයාගැනීම ඉහළින් අඟය කරන බවයි.

Suspicion of betrayal by Anne Frank foreign news

යුදෙව් ජාතික දැරියක් වන ඈන් ෆ්‍රෑන්ක් වසර දෙකක රහසිඟත ජීවිතයක් ගත කිරීමෙන් අනතුරුව 1945 නාසි සිර කඳවුරකදී තම ජීවිතයට සමු දුන්නාය. මිය යන විට ඇඟේ වයස අවු. 15කි. ඇගේ මරණයෙන් පසුව මුද්‍රණය කෙරූ ඇගේ දිනපොත යුධ සමයේ යුදෙව් ජීවිතය පිළිබඳ විශිෂ්ටම සහ ජනප්‍රියම වාර්ථාව විය.

හේශානී කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්