තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: ඩොලර් අර්බූදය
මෙහෙන් චුත වෙන එක හොඳයි
පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාල ලු. තෙල් පෝලිම් වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම් වලට ගිහින් නිසාලු. මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා කට්ටිය යන එක ගැන මගේ අමනාපයක් නැහැ. යන උන් ඩොලර් ආපහු එව්වා උනත් නැති උනත් කමක් නැහැ ඔන්න ඔය යන එවුන්ට යන්න දෙන්න. යන තැනක උන් කාල බීල හරි ඉන්නේ නැතෑ. 1978 පස්සේ අපි ජීවත් උනේ විවෘත වෙළද ආර්ථිකයක. ඌන සංවර්ධිත විදියට හරි අපි ජීවත් වෙච්ච විදියක් තිබ්බ. ඒක පොඩි ලයිෆ් ස්ටයිල් එකක්. 1978 පස්සේ…
Read Moreඩොලරයේ අගය 400ම වෙයි..?
අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ වෙබ් අඩවියේ ඩොලරයේ විකුණු මිල රුපියල් 370 ක් සහ ගැණුම් මිල රුපියල් 355 ක් ලෙස අද දින සටහන් කර ඇති අයුරු දක්නට ලැබේ.
Read Moreමහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?
මහාචාර්ය රොහාන් සමරජීව විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ යාම ආදියයි. වර්තමාන අර්බුදයට විසඳුම මාර්ග දෙකක් ඔස්සේ සම්පාදනය කළ හැකි බව උදය ගම්මන්පිල සිතන බව පෙනේ. එනම්, බැසිල් රාජපක්ෂට හා වෙනත් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී පදවි සහ වෙනත් වැදගත් තනතුරු දැරිය නොහැකි තත්වයට පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒම සහ පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඔහු සහ විමල් වීරවංශ බලාපොරොත්තු වන්නේ වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා යටතේම…
Read Moreඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!
ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…
Read Moreරුපියලේ කඩා වැටීම: එය ක්ෂණිකව ඇති වූවක්ද?
ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන “මට මතක් වන්නේ එවකට මහා බැංකු අධිපති ජයවර්ධනයන්, ලතැවිල්ලෙන් පසුවූ ජනපති චන්ද්‍රිකා මැතිනියගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් ආකාරයයි, ඇයට දැනගැනීමට අවශ්‍ය වූයේ රුපියල පා කිරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කිරීම පමා කිරීමට හේතුවයි. මම ඒ මොහොතේ එම කාමරයේම සිටි අයෙක්මි. ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව කියා සිටියේ, ‘ජනපතිනියනි, වාහනයේ තිරිංග නිවැරදිව වැඩ කරනවාද යන්න සොයා නොබලා වාහනය පාරට දැමිය නොහැකියි, මුලින්ම ඒවා නිසි ආකාරයට වැඩ කරන බවට මම ඔප්පු කර ගත යුතුයි’ යන්නයි. වෙනත් අයුරකින් කියන්නේ නම් සැලසුම වැරදුනොත් අක්රමික ලෙස රුපියලේ අගය කඩා වැටීම නවත්වා ගැනීමට තිරිංග…
Read Moreවරායේ හිරවුණ අල ලූණු නිදහස්!
ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මෙහිදී මෙම කන්ටේනර් වහාම නිදහස් කරන්නටත් එමගින් උත්සව සමයේ අල ලූණු පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල වෙළඳපොළ හිඟය සමනය කරන්නටත් කටයුතු කරන බව සාකච්ඡාවී ඇත. මෙම කැබිනට් හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු බවය. ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු…
Read Moreඩොලර් නැතිව විදෙස් තානාපති කාර්යාල තුනක් වැසේ..
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ . මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,…
Read Moreඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන් යානා දෙකක්ද ටොන් 4000 ක් බරැති නාවුක පාවෙන තටාකයක්ද ස්ථාපිත කර ඇති අතර නාවික සබඳතා ගැන කටයුතු කරන නිලධාරියකුද පත්කර ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් තුනකට එළඹෙන මුල් අවස්ථාවද මෙයයි. ඉන්දීය රජය ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සමඟද මෙවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළඹ තිබේ. ක්වොඩ් නමින් හඳුන්වන මෙම ආරක්ෂක එකඟතාවය…
Read Moreඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ කරන මෙම කඩ මුල් වටයේදී 14000ක් ඇරඹෙන බවද එම කඩවලට සතොස හරහා බඩු ලැබෙනු ඇති බවද වාර්තා වෙයි. එක ගමකට එක කඩයක් යන සංකල්පය යටතේ ගමට ලැබෙන මෙම කඩය ගමේ ප්‍රධාන පොහොට්ටු ආධාරකරුට ලැබෙන අතර පොහොට්ටු පාක්ෂිකයන් හට රුපියල් 2000ක සලාක කූපන් පතක්ද ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
Read More