ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ Go Gota Go නමින් වෙළෙඳ සැලක් පසුගිය දා විවෘත කෙරුණු බවට සමාජමාධ්‍යවල සටහන් කර තිබේ. Go Gota Go වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකක් බව වාර්තා වේ. මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි ඇඹුල ශ්‍රී ලංකන් අවන්හලට යාබදව ය.
Read MoreTag: ගෝඨාභය රාජපක්ෂ
හිරුණිකා නැවතත් ජනාධිපති මන්දිරය ඉදිරියට
පරිභෝජනය හා පාරිභෝජනවාදය
-අජිත් පැරකුම් ජයසිංහ- පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට. පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ. වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල්…
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි
ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි. කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය…
Read Moreමං මේ කියන එක වැරදිද?
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත ජාතිවාදයක් නිසා ඒ ජාතිවාදයට පක්ෂ විය යුතුය කියන හිරු කණ්ඩායමේ ස්ථාවරයට විරුද්ධව සටන් කළා. බලය බෙදීම වෙනුවෙන් සටන් කළා. ජාතික ප්‍රශ්නයට විසඳුම සිංහල (ශ්‍රී ලාංකික), දෙමළ, මුස්ලිම් වැනි ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් දේශපාලන ප්‍රජාවන් නිර්මාණය කරගැනීමය කියන ආස්ථානය ප්‍රවර්ධනය කළා (ඉන්දියාව එක්ක සහසන්ධීය රාජ්‍යයක් කියන සංකල්පය ගේන්නෙත් එතනින්). මහින්ද රාජපක්ෂලා පරද්දන්න දිගටම වැඩ කළා.…
Read Moreකොළඹ උණුසුම්, 21 ක් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ් ෆසීම් ඇතුලු 21 දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර අයිතිය වෙබ් අඩවිය මේ පිළිබඳව නීතීඥ ජයන්ත දෙහිඅත්තගේගෙන්විමසීමක් සිඳුකළ විට දී පවසා සිටියේ ඔවුන්ව පාලියගොඩ පොලිසීය වෙත ගෙන ගිය බවත් ඔවුන්ට එරෙහි චෝදනාව වී ඇත්තේ ලේකම් කාර්යාලයේ ගේට්ටු අවහිර කිරීම බවත්ය. එසේම අත් අඩංගුවට පත්වූවන් අද පස්වරු 1.00ට කොටුව මහේස්ත්‍රත් අධිකරණයට…
Read Moreසහල් මිල පාලනය කරන්න ජනතාවට බාර දෙනවා
අපේ සීමාව තේරුම් ගැනීම
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල් කියල එකක් නෑ. ෆේල් වෙන්නෙ රට. රනිල් අසමත් වෙන්නෙ රනිල්ට සංස්කෘතිය ගැන තියෙන නොවැටහීම සහ නොඇදහීම හින්ද. අර්බුදයට අවශ්‍ය ආර්තික විසඳුමක් කියන එකයි රනිල්ගේ තේරුම් ගැනීම. ඒක ඇත්ත. මූලිකම වෙන්නෙ ආර්තික විසඳුමක් තමයි. නමුත් ඒ ආර්තික විසඳුමට යන්න නම් අපිට සිද්ද වෙනවා ඊට වඩා විශාල සංස්කෘතික වෙනසක් ඇති කරන්න. මෙතනදි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම…
Read Moreපලවෙනි වෙඩිල්ල ගියේ ඔලුව අයිනෙන් – රඹුක්කන ප්‍රහාරය
චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ. ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම…
Read More