අධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා  හදිසි මරණ පරික්ෂකවරුන්ට ගැටලු! 

Problems for coroners due to the role of forensic doctors

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා මරණ පරික්ෂකවරුන්ට සිය වෘත්තිමය කටයුතු නිවැරදි අන්දමින් සිදුකිරීමේදි බරපතල ගැටළු ඇතිවී තිබෙනා බව ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරාධපුර හිටපු නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම් කුලසේකර මහතා පවසයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා මාධ්‍යට ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරින් ඒ මහතාගේ නියෝග වලට පශ්චාත් මරණ පරික්ෂණ නොකිරීම නිසා ඇතිවි තිබෙන ගැටුම්කාර තත්වය හේතුවෙන් ජනතාව පවත්ව සිටින අපහසුතාව පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් හිටපු සභාපති එච්.එම් කුලසේකර මහතා (17දා) මේ බව පැවසුවේය. එහිදී…

Read More

හොඳටම කළේ අපි ද?

Namal Rajapaksa vaccine in sri lanka

දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවත් ඒ අනුව දිවයින පුරා එන්නත්කරණය සිදුකරනු ලබන මධ්‍යස්ථාන වෙත ගොස් එම මධ්‍යස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන සෞඛ්‍ය අංශවල නිළධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා එන්නත්කරණය නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම මෙන්ම රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා පැමිණෙන තරුණ ප්‍රජාව ඇතුලු ජනතාව දිරිමත්…

Read More

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති

Represents the police minister of public security

නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම් අත්අඩංගුවට ගන්න සුදුසු ක්‍රමය කුමක්දැයි විමසන බව  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල  ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උද්ඝෝෂණ හා රැස්වීම් නැවැත්විය යුතුයි කියා පැහැදිලි නියෝගයක් පොලිසියට ලබා දුන් නිසා  පොලිසිය එදා උද්ඝෝෂණ නවත්තන්න කටයුතු කළ බවත් ඔවුන්ව නිරෝධනයට ගෙනිච්චෙ පොලිසියට අවශ්‍ය නිසා නොවන බවත් එසේ නිරෝධායනයට ගෙනිච්චෙ මහජන සෞඛ්‍යය සෞඛ්‍යය පරීක්ෂක…

Read More

online වර්ජනය තවදුරටත්!

online education strike continues Joseph Stalin

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත් එසේ නියෝගයක් ලබා දී ඇත්තේ කොහේදැයි විමසන ඒ මහතා කියා සිටින්නේ මේ සියලුල සිදු වන්නේ ආණ්ඩුවේ සහ පොලිසියේ උවමනාව මත බවයි. එදා අධිකරණයෙන් ඇප ලබා දුන් පසුවත් නිරෝධායනයට කියා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් කලේ නිරෝධායනය නොවන බවත් එය අයුතු රඳවා ගැනීමක් බවද කියා සිටියි. කොතලාවල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය  මෙන්ම මිලිටරිකරණය කිරීමට සුදානමට…

Read More

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක

Extrajudicial killings sri lanka Police torture

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම් 42 දෙහැවිරිදි දෙදරු පියා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම සම්බන්ධව ය. සදුන් මාලිංග වෙනුවෙන් 2014දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබූ අතර, එම නඩු තීන්දුව ඊට වසර 7කට පසුව එනම්,  2021 මැයි 21 වන දින ලබා දෙන ලදී. එම නඩු තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(1) ව්‍යවස්ථා උල්ලංඝනය වීමෙන් පැමිණිලිකරැගේ…

Read More