“පුරවැසි මූලික ජනමාධ්‍යයකට” ආණ්ඩුව ජනතා අදහස් විමසයි!

ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ජාත්‍යන්තර දර්ශකයේ පහලම අඩියකට වැටී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පුරවැසි මුලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් යැයි පවසමින් ජනතා අදහස් විමසා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් විසින් පෙබරවාරි 7 ඉරිදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය “ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම බලාපොරොත්තුව” බවයි.

එය “පුරවැසි මූලික” වන්නේ කෙසේදැයි දක්වා නැත.

ඒ සදහා වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සදහා මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් පුරවැසියන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශ තීරණය කර තිබේ.

එබැවින් සංශෝධන පනත් කෙටුම්පතට ඇතුලත් කිරීම සදහා වන කාලීන යෝජනා 2021 මාර්තු 15 වන දිනට පෙර අදාල කෙටුම්පත සම්පාදනය කිරීමේ ක්‍රියාකාරී කමිටුව වෙත ඉදිරිපත් කිරීම සදහා ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශය, නො.163, ඇසිදිසි මැදුර, කිරුලපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 5 යන ලිපිනයට හෝ පහත සදහන් ‌ෆැක්ස් හා ඊමේල් ලිපිනයන් වෙත ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාශය ඉල්ලා තිබේ.

එසේම 1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා‌  පුවත්පත් මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් බාගත කිරීම සිදු කළ හැකි බව ජනමාධ්‍ය අමාත්‍යාශය වැඩි දුරටත් දැනුම් දී සිටි.

ලබාගන්නාවූ අදහස් සමාලෝචනය කෙරෙන ආකාරයක්ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කර නැත.

දේශසීමා නොමැති වාර්තාකරුවෝ විසින් සම්පාදනය කර ඇති මාධ්‍ය නිදහස පිලිබඳ ජගත් දර්ශකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව ඉන්නේ 127 වැනි ස්ථානයේය.

විද්‍යුත් ලිපිනයන්                              ෆැක්ස් අංක

secretary@media.gov.lk               011-2513458

ad.secdev.media@gmail.com       011-2512346

legaldiv.media@gmail.com             011-2513468

Department of Government Information

Social Sharing
නවතම