රුපියල් බිලියන හයකට අධික හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා ඉදිරියේ දී නඩු පැවරීම්!

මත්පැන් නිෂ්පා­දන සමා­ගම් විසින් රජ­යට පැහැ­ර ­හැර ඇති රුපි­යල් බිලි­යන 6.2කට වැඩි හිඟ බදු මුදල් අය කර­ගැ­නීම සඳහා දිසා අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මට කට­යුතු කරන බව නීති­ප­ති­ව­රයා ශ්‍රේෂ්ඨා­ධි­කා­ර­ණ­යට ඊයේ (20) දැනුම් දුන්නේය.

සමාජ ක්‍රියා­කා­රීන් 17 දෙනකු විසින් ගොනු­කර තිබූ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු අර්ජුන ඔබේ­සේ­කර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬුල්ල හමුවේ ඊයේ (20) කැඳවූ අව­ස්ථා­වේදී, නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් නෙරින් පුල්ලේ මේ බව දැනුම් දුන්නේය.

බදු ගෙවීම පැහැ­ර­හැර ඇති මත්පැන් නිෂ්පා­දන සමා­ග­ම්ව­ලින් පැහැ­ර­හැර ඇති බදු මුදල් අය­කර ගැනීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර­න්නැයි ඉල්ලා සමාජ ක්‍රියා­කා­රි­ක­යකු වන සංජය මහ­වත්ත මහතා අතුළු සමාජ ක්‍රියා­කා­රීන් පිරි­සක් පෙත්සම ගොනු­කර තිබේ. පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් වශ­යෙන් සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා, නීති­ප­ති­ව­රයා. මුදල් රාජ්‍ය ඇමැ­ති­ව­රයා, විග­ණ­කා­ධි­ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් මෙන්ම මෙන්ම ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමා­ගම (W.M. Mendis & Co. Limited), වයඹ ඩිස්ටි­ල­රීස්, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් ලංකා සමා­ගම, මැක­ලම් බෘවරි සමා­ගම, කළු­තර සමු­ප­කාර දේශීය මත්පැන් නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මය, ෆින්ලන්ඩ් ඩිස්ටි­ල­රීස් කෝප­රේ­ෂන්, සිනර්ජි ඩිස්ටි­ල­රීස්, රන්දෙ­ණි­ගල ඩිස්ටි­ල­රීස් ලංකා සමා­ගම, හිඟු­රාණ ඩිස්ටි­ල­රීස් සහ රෝයල් සිලෝන් ඩිස්ටි­ල­රීස් ඇතුළු පාර්ශ්ව කිහි­ප­යක්ද නම්කර තිබේ.

මත්පැන් නිෂ්පා­දන සමා­ගම් විසින් රජ­යට ගෙවිය යුතු සුරා­බදු ගෙවීම පැහැ­ර­හැර ඇතැ­යිද එලෙස ගෙවීම පැහැ­ර­හැර ඇති බදු මුදල් අය­කර ගැනීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට නිල­ධා­රීන්ට නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි පෙත්ස­ම්කාර සංජය මහ­වත්ත මහතා ඉල්ලා සිටී. පෙත්ස­ම්කාර සංජය මහ­වත්ත මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්ව­මින් වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් දැක්වූ කරු­ණු­ව­ලට අනුව සිදු කරන කට­යු­තු­වල ප්‍රග­තිය විම­සීම සඳහා පෙත්සම කැඳ­වී­මට දින­යක් නියම කර­න්නැයි ඉල්ලා සිටි­යේය. කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල කට­යු­තු­වල ප්‍රග­තිය විම­සීම සඳහා පෙත්සම නොවැ­ම්බර් 16 වැනිදා යළි කැඳ­වී­මට නියෝග කළේය.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
ආර්ථික පුවත්