ආර්ජන්ටිනාව පරදා වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක පාපන්දු කිරුළ දිනයි!

හිටපු ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව අතිරේක කාලයේදී 1-0ක් ලෙස පරාජය කරමින් 2026 FIFA ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් විය. නිව් ජර්සිහි පැවති අවසන් මහා තරගයේ ජයග්‍රාහී ගෝලය 106 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක ෆෙරන් ටොරස් විසින් වාර්තා කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ස්පාඤ්ඤය සිය දෙවැනි පිරිමි ලෝක කුසලාන ශූරතාව දිනාගත් අතර, පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ශූරතා දෙකම එකවර හිමි කරගත් ඉතිහාසයේ පළමු රට බවට ද පත්විය.

තරගය පුරාම පන්දුව පාලනය කරමින් සහ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළේ ස්පාඤ්ඤයයි. කෙසේ වෙතත්, ආර්ජන්ටිනා දැල් රකින්නා එමිලියානෝ මාර්ටිනෙස් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නියමිත මිනිත්තු 90 තුළ ගෝලයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤයට නොහැකි විය.

තරගයේ 93 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, ඉන් අනතුරුව ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟ ක්‍රීඩා කිරීමට ආර්ජන්ටිනාවට සිදුවිය. එම වාසිය ප්‍රයෝජනයට ගත් ස්පාඤ්ඤය, 106 වැනි මිනිත්තුවේදී නිකෝ විලියම්ස්ගේ හිසෙන් ලබාදුන් පන්දුවක් ෆෙරන් ටොරස් විසින් දැල තුළට යොමු කරමින් තරගයේ එකම ගෝලය වාර්තා කළේය.

මෙය 39 හැවිරිදි ලියොනල් මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය බවටද සැලකුණු අතර, සිය ලෝක ශූරතා කිරුළ රැක ගැනීමට ආර්ජන්ටිනාවට නොහැකි විය. තරගය පුරාම ස්පාඤ්ඤ ආරක්ෂකයින් මෙසීගේ බලපෑම අවම කර තබා ගැනීමට සමත් වූහ.

අවසන් මහා තරගය ක්‍රීඩා පිටියෙන් පිටතදී ද දැවැන්ත සංදර්ශනයක් බවට පත්වූ අතර, විශේෂ ආරාධිත කලාකරුවන්ගේ ප්‍රසංග සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් තරගය ලොව පුරා දැඩි අවධානයට ලක්විය

Social Sharing
පුවත් විදෙස්