
ඊශ්‍රායල හමුදාව පලස්තීන දරුවන් හිතාමතා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගාසා තීරයේ ජන සංහාර හා යුද අපරාධ සිදුවන බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණ කොමිසම නිකුත් කළ නව වාර්තාවකින් හෙළි වේ.
2023 ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වූ දින සිට සිදුවූ සිදුවීම් පිළිබඳ සොයාබැලීමෙන් පසුව සකස් කළ මෙම වාර්තාවේ සඳහන් වන්නේ, ගාසා තීරයේ ඝාතනයට ලක්වූවන්ගෙන් 30%ක්ම දරුවන් බවයි.
එම වාර්තාවට අනුව, මාතෘ සායන, සහ දරු උපත් සිදුකරන රෝහල් ඇතුළු සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හරහා පලස්තීන ජනතාවගේ අනාගත පරපුරට සෘජුවම හානි සිදුකර ඇති බව ද චෝදනා කර ඇත.
ප්‍රහාර හේතුවෙන් ගබ්සා වීම්, උපත් ආබාධ සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ව්‍යාප්ත වී ඇති අතර, මානුෂීය ආධාර අවහිර කිරීම නිසා දරුවන් අතර මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.
තවද ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ප්‍රතිශක්තිකරණ සේවා අඩාල වී ළදරු මරණ සහ රෝගාබාධ වර්ධනය වී ඇති බවද සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණ කොමිසමේ සභාපති ශ්‍රිනිවාසන් මුරලිදර් ප්‍රකාශ කර ඇත්තේ, පලස්තීන දරුවන් හිතාමතා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බවට සාක්ෂි රැසක් කොමිසම වෙත ලැබී ඇති බවයි.
