
ශ්‍රී ලාංකාවේ අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පෙනී සිටින අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට ස්වීඩන් රජය විසින් පිරිනමන පර් ඇන්ගර් සම්මානය (Per Anger Prize) පිරිනැමීම අද (21) දින සිදු වීමට නියමිතය.
අතුරුදහක්කරවීම් සම්බන්ධව දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති, තවමත් ඒ පිළිබදව විශ්වාසනීය විමර්ෂනයක් සිදු නොවන රටක, අතුරුදහන්වූ තම ඥාතීන්ට යුක්තිය ඉල්ලා හඩනඟන දෙමාපියන් සමග බ්‍රිටෝ කරමින් සිටින අරගලය මෙසේ ඇගයීමට ලක්වීම ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්න වෙත ජාත්‍යන්තර අවධානය යොමුවීමක් ලෙස සැලකිය හැක.
මෙම සම්මානය සම්බන්ධ අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රකාශ කර තිබුනේ “මෙම සම්මානය මට හිමිවන්නක් නොවේ. එය වසර 35කට වැඩි කාලයක් පුරා නොපසුබටව අරගල කළ පවුල් වෙනුවෙන් පිරිනැමෙන්නකි,” යනුවෙනි. බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයාට අයිතියේ උණුසුම් සුබ පැතුම්!
සම්මාන ප්රාදානෝත්සවය සජීවීව නැරඹීම සඳහා.
https://www.levandehistoria.se/…/brito-fernando-tar…
