ඇමරිකාව සහ ඉරානය කරුණු 10ක් යටතේ සති දෙකක සටන් විරාමයකට එකඟ වේ.

 

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සෙයිද් මොජ්තාබා කමේනිගේ නියෝගයට සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියට අනුකූලව සිය සතුරාගේ සියලු ප්‍රකාශ තිබියදීත් එම තර්ජන ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව සහ ඉරාන ජනතාවගේ සියලු නීත්‍යානුකූල ඉල්ලීම් නිල වශයෙන් පිළිගැනීම සැලකිල්ලට ගනිමින්, යුද්ධය අවසන් කිරීම සඳහා ඉස්ලාමාබාද්හි මේ සිකුරාදා සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.

මෙය උපරිම වශයෙන් දින 15ක් ඇතුළත සිදුවනු ඇති අතර, එමඟින් ඉරානයේ යුධ පිටියේ ජයග්‍රහණය පිළිබඳ තොරතුරු දේශපාලන සාකච්ඡා වලදී ද තහවුරු කර ගත හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. මෙම සාකච්ඡා දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය එකඟතාවයෙන් කාල රාමුව දීර්ඝ කළ හැකි බව පැවසේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRIB (Islamic Republic of Iran Broadcasting) වාර්තාවලට අනුව, යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් කරුණු 10 කින් යුත් යෝජනාවක් එක්සත් ජනපදය ‘ප්‍රතිපත්තිමය වශයෙන්’ පිළිගෙන ඇති බව සඳහන් වෙයි.

වාර්තාවන අන්දමට ඉරානය ඉදිරිපත් කළ කරුණු 10 වශයෙන්,

1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම

2. කාල සීමාව පැනවීමකින් තොරව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් හා ස්ථීරව නැවැත්වීම

3. කලාපයේ සියලුම ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීම

4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම

5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිල විධිමත් ක්‍රියාවලියක් සහ කොන්දේසි ස්ථාපිත කිරීම

6. ඉරානය යළි ගොඩනැගීමට අවශ්‍ය වියදම් පියවා ගැනීමට වන්දි ගෙවීම

7. ඉරානයේ සම්බාදක ඉවත් කිරීමට කැපවීම

8. ඇමරිකාව සතුව ඇති ඉරාන අරමුදල් සහ අක්‍රීය කළ වත්කම් නිදහස් කිරීම

9. කිසිදු න්‍යෂ්ටික අවියක් සන්තයේ තබා නොගන්නා බවට ඉරානය සම්පූර්ණයෙන්ම සහතික වීම.

10. පෙර කොන්දේසි අනුමත කිරීමෙන් පසු වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම.

මෙම සැලසුම් කර ඇති සාකච්ඡාවලින් යුද්ධය අවසන් වී ඇති බවක් අදහස් නොවන බවත්, ඕනෑම අවසාන ගිවිසුමක් ඉරානයේ කොන්දේසි සුරක්ෂිත කිරීම මත රඳා පවතින බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අවධාරණය කරයි.

යෝජිත සාකච්ඡා කාලය තුළ ඉරාන සන්නද්ධ හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව ගමන් කිරීම සහතික කරනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය.

සිකුරාදා ඉස්ලාමාබාද්හිදී පාකිස්තානයේ මැදිහත්වීම යටතේ ආරම්භ වීමට නියමිත සාකච්ඡා සති දෙකක් දක්වා පවතිනු ඇති අතර අන්‍යෝන්‍ය එකඟතාවයකින් දීර්ඝ කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටියේ වොෂින්ටනය ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවන බවයි. ඔහු සඳහන් කළේ ටෙහෙරානයේ යෝජනා සාකච්ඡා සඳහා ක්‍රියාකාරී පදනමක් ලෙසයි.

Social Sharing
නවතම පුවත් විදෙස්