ආසියාවේ අසතුටින්ම සිටින රට බවට ශ්‍රි ලංකාව පත් වේ.

‘World Happiness Report – 2026’ එළිදැක්වූ නවතම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව දැවැන්ත ලෙස පහළට වැටී තිබේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව 134වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු සංඛ්‍යාව 10න් 04කි. කරුණු හයක් මත පදනම් කොට ගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරන අතර එම කරුණු අතර ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, නිදහස, දූෂණයෙන් තොර බව හා ත්‍යාගශීලී බව තිබේ.

ගෝලීය යහපැවැත්ම සහ එය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිර්දේශ ලබාගැනීම සඳහා සිදුකරන ලොව ප්‍රමුඛතම ප්‍රකාශනයක් ලෙස ‘World Happiness Report’ සැලකයෙි.

මේ සඳහා රටවල් 140කට වැඩි ගණනක දත්ත සැලකිල්ලට අදාළ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබයි. මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ රටවල් 13ක් පමණක් වන අතර, ඒ අතර සිටින්නේ ඉතියෝපියාව, ටැන්සානියාව, ලෙබනනය, යේමනය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල්ය.

මෙම දර්ශකයට අනුව ඇෆ්ගනිස්තානය ලොව අසතුටින්ම සිටිය රට වන අතර මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව 2025 වසරේ දී 133 වන ස්ථානයේද, 2024 වසරේ දී 128 වන ස්ථානයේ පසුවිය.

එමෙන්ම 2023 සහ 2022 දී පිළිවෙලින් 112 වන සහ 127 වන ස්ථානයේ පසුවිය. සෑම වසරකම, ලෝක සතුට වාර්තාව මඟින් මිනිසුන් තම ජීවිත ගැන වඩාත්ම තෘප්තිමත් වන්නේ කොතැනද සහ ඔවුන් එසේ නොකරන තැන හෙළි කරයි.

ෆින්ලන්තය 2026 දී ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස පවතින අතර, අඛණ්ඩව නවවන වසරටත් ඉහළම ස්ථානය හිමිකරගෙන සිටී. දෙවන ස්ථානය ලෙස අයිස්ලන්තය, තෙවන ස්ථානය ලෙස ඩෙන්මාර්කයත් පැමිණ ඇත. එමෙන්ම ස්වීඩනය සහ නෝර්වේ පස්වන හා හයවන ස්ථාන අතරට ද පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව 2024 දී 126 වන ස්ථානයේ සිට 2025 දී 118 වන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම වැඩිදියුණු කළ අතර, මෙම වසරේ ස්ථාන දෙකක් ඉහළ ගොස් දැනට ජීවිත ඇගයීම් ලකුණු 4.536 ක් සමඟ 116 වන ස්ථානයේ සිටී.

මේ අතර, පාකිස්තානය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන පහක් වැඩිදියුණු කර, 109 වන ස්ථානයේ සිට 104 වන ස්ථානය දක්වා ඉහළ ගිය අතර ඉන්දියාව පාකිස්තානයට පිටුපසින් 116 වන ස්ථානයේ සිටියේය.

Social Sharing
අවකාශය පුවත්