දිට්වා වන්දි ගෙවීමට එක්සත් ජාතී­න්ගෙන් මිලි­යන 6,720ක්

ඉකුත් නොවැම්බර් මස මෙරට මුහුන දුන් දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් වූ මෙරට ජනතාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් (HPP)  ආරම්භ කෙරිණි. මේවන විට ඒ සඳහා රුපියල් මිලියන 6720ක් (ඇමරිකානු ඩොලර් මිලියන 22.4) ලැබී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධනය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් 11 වනදා ඇමරිකානු ඩොලර් මිලි­යන 35.3ක අර­මු­ද­ලක් ස්ථාපිත කිරී­ම කොළඹින් ආරම්භ කළ අතර මෙරට අති­ශය අව­දා­න­මට ලක්වූ පුද්ග­ල­යන් 658,000කට සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය විසින් මේ මානු­ෂීය ප්‍රමු­ඛතා සැලැස්ම (HPP) ප්‍රකා­ශ­යට පත් කෙරිණි. පසු­ගිය 06 වැනිදා වන විට එම සැලැස්ම ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 22.4ක් ලැබී ඇති බවට වාර්තා වේ.

මේ සහන වැඩ­පි­ළි­වෙළ ඔස්සේ දිස්ත්‍රික්ක 25ක් පුරා විසිරී සිටින පුද්ග­ල­යන් 216,000කට වැඩි පිරි­ස­කට මේ වන විටත් සහන සලසා ඇති බව ද, එලෙස සහන ලැබූ පිරි­සෙන් 50% කට වැඩි ප්‍රමා­ණ­යක් කාන්තා­වන් බව ද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය පව­සයි. තවද ආබා­ධිත පුද්ග­ල­යන් 4500ක් ද ඒ අතර වන බව පෙන්වා දෙන එම සංවි­ධා­නය රාජ්‍ය නොවන සංවි­ධාන (NGOs) 44ක් සහ ජාත්‍ය­න්තර රාජ්‍ය නොවන සංවි­ධාන (INGOs) 10ක් ඇතු­ළුව හවු­ල්කාර සංවි­ධාන 68ක් මේ සහන මෙහෙ­යුම් සඳහා දාය­ක­ත්වය දී තිබෙන බව ද ඔවුන් සඳහන් කර සිටියි.

පීඩාවට පත් වූ පුද්ග­ල­යන් 165,000කට වැඩි පිරි­සක් තව­මත් අව­තැන්ව හෝ සිය ඥාතීන්ගේ නිවෙ­ස්වල වාසය කරන අතර, දැනට ක්‍රියා­ත්මක වන ආර­ක්ෂිත මධ්‍ය­ස්ථාන 85ක පුද්ග­ල­යන් 6,680ක් පමණ රැඳී සිටින බව ද වාර්තා වේ. මෙම කුණා­ටුව හේතු­වෙන් පාසල් 1,682කට හානි සිදුවී ඇති අතර, එයින් දරු­වන් 823,000කට පමණ බල­පෑම් එල්ල වී ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය පෙන්වා දෙයි.

අව­තැන් වූ පසු­බිම් තුළ කාන්තා­වන් සහ දරු­වන් ලිංගික ප්‍රච­ණ්ඩ­ත්ව­යට ගොදුරු වීමේ දැඩි අව­දා­න­මක් පව­තින බව හඳු­නා­ගෙන ඇති අතර, සමා­ජ­යීය අප­කී­ර්තිය හේතු­වෙන් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා­වීම අවම මට්ට­මක පවතී. ඒ පිළි­බඳ දැනු­වත් කිරීම සහ වැළැ­ක්වීම සඳහා කොළ­ඹදී පුහුණු වැඩ­මුළු පවත්වා ඇති බව ද, ඉදි­රි­යේදී මේ පුහුණු වැඩ­ස­ට­හන් සිංහල සහ දෙමළ භාෂා­ව­ලින් පැවැ­ත්වී­මට සැල­සුම් කර ඇති බව ද සඳ­හන් කරයි. සෞඛ්‍ය, කෘෂි කර්මා­න්තය, මුල්කා­ලීන යථා තත්ත්ව­යට පත් කිරීම්, පෝෂ­ණය සහ අධ්‍යා­ප­නය ක්ෂේත්‍ර සඳහා තව­මත් වැඩි­දුර අර­මු­දල් සහ සහාය අව­ශ්‍යව පව­තින බව ද එම සංවි­ධා­නය පෙන්වා දෙයි.

Social Sharing
නවතම පුවත්