
ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 නොවැම්බර් මාසය වන විට ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු 10ක් ඉටුකර බවත් තවත් 10ක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ‘අනුර මීටරය’ නවතම යාවත්කාලීන කිරීමේ වාර්තා වේ.
එම තක්සේරුවෙන් පෙනී යන්නේ පොරොන්දු නවයක් කිසිදු ප්‍රගතියක් වාර්තා කර නොමැති අතර එක් පොරොන්දුවක් අසාර්ථක වී ඇති බවයි.
ජනාධිපතිවරයාගේ 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා ඇති ප්‍රධාන පොරොන්දු 30 සමාලෝචනය මගින් නිරීක්ෂණය කරන ලද අතර 2026 අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද පියවර ද මීට ඇතුළත් වේ.
කෙසේවෙතත්, දිට්වා සුළි කුණාටුවේ බලපෑමට පෙර ඇගයීම අවසන් කරන ලදී.
අනුර මීටරය යටතේ නිරීක්ෂණය කරන ලද පොරොන්දු තෝරා ගනු ලැබුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව වැනි තීරණාත්මක ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒවායේ ජාතික වැදගත්කම සහ ඉහළ මට්ටමේ මහජන උනන්දුව මතය.
අනුර මීටරය යනු මැතිවරණ පොරොන්දු ඉටුකිරීම වටා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා Manthri.lk විසින් කරන ලද මුලපිරීමකි.
ඊට පෙර ජනාධිපතිවරුන් වූ මෛත්‍රීපාල සිරිසේනගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනද නිරීක්ෂණය කරමින් ‘මෛත්‍රී මීටරය’ සහ ‘ගෝඨා මීටරය’ යන වැඩසටහන් ක්‍රියාත්මක විය.
දැනට නිරීක්ෂණය කර ඇති පොරොන්දු 30න් හතක් මහජන ප්‍රතිපෝෂණ මත පදනම්ව එකතු කරන ලද අතර, නිරීක්ෂණය කළ යුතු යැයි ඔවුන් විශ්වාස කරන අමතර පොරොන්දු නම් කරන ලෙස Manthri.lk විසින් පුරවැසියන්ට ආරාධනා කර ඇත.
Manthri.lk යනු ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂණ වේදිකාව වන අතර එය කළමනාකරණය කරනු ලබන්නේ මෙරට විශාලතම ස්වාධීන චින්තන පර්ෂදයක් වන Verité Research විසිනි.
ඒ අනුව මේවනවිට ඉටුකර අවසන්ව ඇති පොරොන්දු වශයෙන්,
1. අඩු ආදායම්ලාභී පවුල් සඳහා රු. 10,000 ක මාසික මූල්‍ය දීමනාවක්
2.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන බදු රහිත වාහන බලපත්‍ර ඉවත් කිරීම
3.වසරක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම
4.රාජ්‍ය ව්‍යවසායන්හි (SOE) මෙහෙයුම් පිළිබඳ පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීම
5.අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය ආධාරයක්
6.අවශ්‍යතාව මත නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය ආධාරයක්
7.අවශ්‍යතාව මත ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක්
8.සමස්ත අමාත්‍ය සංඛ්‍යාව 50ක් නොඉක්මවීම සහ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25ක් නොඉක්මවීම
9.ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතවලට වඩා 5%කින් වැඩි ස්ථාවර තැන්පතු පොලී අනුපාතයක් ස්ථාපිත කිරීම
10.වාර්ෂික ආදායම් බදු අය කිරීමේ සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම
තවද අසමත් වූ පොරොන්දුව වන්නේ වසරක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම වේ.
සියලුම නිරීක්ෂණය කරන ලද පොරොන්දු වල සම්පූර්ණ යාවත්කාලීන තත්ත්වය අනුර මීටර වෙබ් අඩවියෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැකිය.
