
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් යටත් විජිත යුගයේ නීති ප්‍රතිසංස්කරණය කරන මෙන් රජයෙන් ඉල්ලා ලිපියක් නීතිය හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කරන ඇත. ඒ අනුව LGBTIQ ප්‍රජාවේ සාමාජිකයින්ට හිරිහැර කිරීම, බිය ගැන්වීම සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සඳහා දිගටම භාවිතා කරන යල් පැන ගිය යටත් විජිත යුගයේ නීති කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස මෙම ලිපියේ ඉල්ලා ඇත.
නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ සමාන ආරක්ෂාව පිළිබඳ ව්‍යවස්ථාමය සහතික තිබියදීත්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් දණ්ඩ නීති සංග්‍රහයේ සහ පාදඩ ආඥා පනතේ නිශ්චිත විධිවිධාන අඛණ්ඩව අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව මෙම ලිපිය තුළින් පෙන්නුම් කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සම්බන්ධයෙන් සංවිධානය බරපතල කනස්සල්ල පළ කළ අතර, ඒවායේ නොපැහැදිලි සහ පැරැණි භාෂාව පුළුල් අර්ථකථනයකට ඉඩ සලසන බව සඳහන් කළේය. ඒ අනුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට අනුව, මෙම විධිවිධාන බොහෝ විට වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන සම්බන්ධතාවලදී පවා LGBTIQ පුද්ගලයින්ට හිරිහැර කිරීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට භාවිතා කරන බව පෙන්වා දී තිබේ. තවද දණ්ඩ නීති සංග්‍රහයේ 399 වන වගන්තිය (පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම) අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව ද ලිපියේ අවධානය යොමු විය.
ඊට අමතරව, 1841 පාදඩ ආඥා පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම එම සංවිධානය සිය කණගාටුව පළකර ඇති අතර එය සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට සහ ලිංගික සේවකයින්ට එරෙහිව අසමානුපාතිකව භාවිතා කරන යල් පැන ගිය නීතියක් ලෙස විස්තර කර ඇත. පොදු ස්ථානවල “නිකරුණේ සිටීම” හෝ “අනිසි හැසිරීම්” සම්බන්ධයෙන් පුද්ගලයින් බොහෝ විට අත්අඩංගුවට ගනු ලබන අතර, ඇතැම් අවස්ථාවල ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව රඳවා තබා ගැනීමක් ද සිදු වේ.
මෑත කාලීන නීතිමය ප්රවණතාවයන් ගැන සඳහන් කරමින්, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සිහිපත් කළේ, සම්මුතියෙන් යුත් වැඩිහිටි සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට පත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එමඟින් ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රධාන නීතිමය බාධකයක් ඉවත් කරන බවත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2023 මැයි මාසයේදී තීන්දු කළ බවටත් ය.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සංශෝධනය කිරීම කඩිනම් කරන ලෙසත්, 399 වගන්තිය සහ පාදඩ ආඥා පනත අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා වහාම නියෝග නිකුත් කරන ලෙසත්, මානව ගරුත්වය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන නවීන නීති සම්පාදනයට පක්ෂව පාදඩ ආඥා පනත අවලංගු කරන ලෙසත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙම ලිපිය මඟින් රජයෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ නීති රාමුව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පෙළගැස්වීමට සහ සියලුම පුරවැසියන් සඳහා ගෞරවය සහ සමානාත්මතාවය සහතික කිරීම සඳහා රජයේ ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිමින් ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියටත් සහ ආනන්ද විජේපාල මහතා වෙත ද යවා ඇති බවට සඳහන් වේ.
එම ලිපිය පහතින්
