
2025 ඔක්තෝබර් 25 දින මියගිය බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ හිටපු සේවිකාවක් වන පරමසිවම් පුෂ්පලතාගේ මරණය ඇය ඉල්ලා සිටි වෛද්‍ය ප්‍රතිකාර සමාගම විසින් නිසි වෙලාවට ලබා නොදීම හේතුවෙන් සමාගමේ නොසැලකිල්ල මත සිදු වූ මරණයක් විය හැකි බවත්, මේ පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමු කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් පවසා සිටින්නේ ආසියානු කොමිසම වෙත ලැබී ඇති තොරතුරු අනුව, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ හිටපු සේවිකාවක් වන පරමසිවම් පුෂ්පලතාගේ මරණය ඇයගේ සුපවයිසර්වරියගේ නොසැලකිල්ල නිසා සිදුව ඇති බව වාර්තා වන බවත්, පුෂ්පලතා ඇයගේ අසනීප තත්ත්වය පිළිබදව අදාල නිලධාරිනියට දෙවරක් දැනුම් දී ඇති නමුත්, ඇය නිසි පරිදි වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කර නොමැති බව වාර්තා වී ඇති බවයි.
එමෙන්ම, එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, ඇයගේ මරණය නිව්මෝනියා තත්ත්වයක් බව ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ ද එම සමාගමේ සේවය කරන වෛද්‍ය නිළධාරියෙකු විසින් බවයි. එය සබදියාවන් පිළිබදව ගැටුමක් නිර්මාණය විය හැකි බැවින් මෙම වෛද්‍ය නිලධාරියාගේ හැසිරීම පිළිබවදව ද විමර්ශනය කළ යුතු බව පෙන්වා දෙයි.
ආර්ථිකය වැඩිදියුණු කිරීමට උත්සාහ කරන කාලයක, සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අතිශයින්ම වැදගත් බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, එසේ නොවුවහොත්, ශ්‍රී ලංකාව තුළ අර්ධ වහල් සේවා තත්වයන් වර්ධනය විය හැකි බවත් එය සමස්තයක් වශයෙන් මුළු ප්‍රජාවට වඩාත් හානිකර ලෙස බලපානු ඇති බවත් එම නිවේදනය පෙන්වා දෙයි.
අදාල සම්පුර්ණ නිවේදනය පහත.
http://www.humanrights.asia/news/ahrc-news/AHRC-OLT-003-2025
