විජේ :  තමිල්නාඩුවේ මාලිමාව – මහේෂ් හපුගොඩ

අද කතාව විජේ ගැන. විජය කුමාරතුංග නෙවෙයි. තලපති විජේ ගැන. මේ දවස්වල අපේ අයගේ අවධානයත් විජේට. දකුණු ආසියාවේ ජනප්‍රියත්ව දේශපාලනයේ තවත් එක නැගීමක්.

මට නම් විජේගේ පලවෙනි මීටිම දැක්ක ගමන් හිතුනේ අඩේ මේක තමිල්නාඩුවේ මාලිමාව නේද කියල. ඔය ඇම්බියුලන්ස් ටිකයි, වාඩිලාගත්ත කූඩාරම් ටිකයි, දාපු ෆ්ලෑෂ්ලයිට් ටිකයි අතහැරපුවම මේක මාලිමාවේ වැඩේම තමයි. මාලිමාවේ වැඩේ කියන්න මුළු ලෝකෙටම උදාහරණයක්.

එකම දේ දේශපාලනයේ හිටපු අනුර නළුවෙක් උනා. නළුකමේ හිටපු විජේ දේශපාලඥයෙක් උණා.

කතා ගත්තත් විජේගේ ෆෑන් බේස් එකටම හරියන කතා. ලොන්තපෝල් දෙමලු ටික ලාබෙට ෆෝම් කරන කතා. කච්චතිව් ගන්න එකයි, දෙමල අනන්‍යතාවෙයි, නාකි මෝදි ගැනයි, අරකයි මේකයි.

නෙළුම් කොලේ පිණි බින්දු රැදෙන්නේ නැහැ වගේ දෙමලු ටික මෝදිගේ BJP දේශපාලනයෙන් ලිස්සලා යන්න ඕනිලු.

එක ජාතියක් එක දෙයියෙක් (ondr kulam, oruvane thevan) – ද්‍රවිඩ ජනතාවාදී දේශපාලනය – දූෂිත වෙස්මුහුණු – පවුල් දේශපාලනයට එරෙහිවීම – පවුලක් විසින් තමිල්නාඩුව සූරාකෑම – ඔබේ ආරක්ෂාව – ධීවර ගැටළු වගේම පැවති දේශපාලනය ප්‍රභූ එකක් හැටියටත් ඒක සතුරෙක් හැටියටත් විජේ වෙස් ගැන්වුවා. ඒ වචන ලස්සනට උච්චාරණය කළා.

මේ සටන්පාඨ, අඩි සීයේ ධජ පතාක නැගලා යයි. දෙමළ ෆිල්ම්වල වගේ සතුරන් නසයි. මාලිමාව දින්න වගේම විජෙත් දිනයි. තමිල්නාඩුව එහෙමම තියෙයි .

සියල්ල සෙලියුලොයිඩ් යථාර්තයක් වෙයි.

Social Sharing
නවතම පුවත්