ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCයට නවක වදය සම්බන්ධයෙන් නියෝගයක්

විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර ඇති අතර විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට නියෝග කර ඇත්තේ එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

අද දින මෙලෙස තීන්දුවක් නිකුත් කොට ඇත්තේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකු වූ පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සඳහාය. එනම් නවක වදය හේතුවෙන් ඔහුගේ මොළයට සිදුවූ තුවාල හේතුකොටගෙන ඔහු මෙම පෙත්සම ගොනු කොට ඇත. දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල වැනි සුළු මඩුල්ල නියම කරනු ලැබීය.

Social Sharing

අවකාශය නවතම පුවත්