දෙසැම්බර 31 දා බිලියන හය හමාරක් අච්චු ගහලා – රජිත් කීර්ති තෙන්නකෝන්

පසුගිය දෙසැම්බර 31 දා රුපියල් බිලියන හය හමාරක මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව අච්චු ගැසූ මුලු මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) ක් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීම බව ප්‍රකාශ කරන ඒ මහතා පසුගිය වසර තුළ මෙතරම් මුදල් කන්දක් අච්චු ගැසීම උද්දමනය ඉහළ යෑමට හේතුව බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම