යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි.
මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ, මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ ආදිය කථා සියයක් අඩංගුය. රයිටු ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ අයිතිය වෙබ් අඩවිය වෙනුවෙන් ලබා ගත්තා වු වීඩියෝ 100 ක් ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය වි ඇත.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිෂ්පාදනයක් වන මෙය සෞඛ්‍ය නීතිරීතීන්ට අනුකූල වෙමින් අන්තර්ජාල සුම් තාක්ෂණය ඔස්සේ ජනගත කිරීම සිදු කරන ලදි.
මේ අවස්ථාවට මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය , බූපති නලීන්, චින්තන ධර්මදාස, මාධ්‍යවේදී අජිත් පැරකුම් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මීට සමගාමීව වසංගත කාලයේ ලංකාව මැයෙන් සංවාද මණ්ඩපයක්ද පැවැත්වේ. පහත ලින්කුව හරහා මේ හා සම්බන්ධ විය හැකිය .
“වසංගත කාලයක ලංකාව”කෘතිය
Time: Jun 5, 2021 05:00 PM Asia/Colombo
Join Zoom Meeting