මුස්ලිම් කාන්තා ඇඳුම් සඳහා තහංචි පැනවීමට ගෙන ඇති තීරණය නිසා ජිනීවාහී විවාදයට ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ යෝජනාවේදී ඉස්ලාමීය රටවල සහාය නොලැබී යාමේ අවදානමකට රාජපක්ෂ පාලනය මුහුණ පා සිටී.
අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද එය හානිකර අයුරින් බලපානු ඇති බවට පකිස්තානය අනතුරු අඟවා තිබේ.
“ජාතික ආරක්ෂාවට සෘජු බලපෑමක්” බව කියාපාමින් බුර්කාව තහනම් කිරීමටත් මද්‍රාසා යනුවෙන් හැඳිවෙන ඉස්ලාමීය පාසල් දහසක් වසා දැමීමටත් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණි.
යෝජිත මුස්ලිම් ශීර්ෂාවරණ තහනම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට ජාත්‍යන්තර තලයේ තවත් අහිතකර අයුරින් බලපෑමට හේතු වනු ඇති බව පකිස්තානය බරපතල අනතුරු ඇඟවීමක් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ පැනවීමට නියමිත නිකාබ් තහනමින් සිදුවනු ඇත්තේ සාමාන්‍ය ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ මෙන්ම ලෝකය පුරා මුස්ලිම්වරුන්ගේද හැඟීම් රිදවීම පමණකි,” යි ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් සාද් කටාක් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
“වසංගතය ඇතුළු ප්‍රතිරූපයට අදාල වෙනත් අභියෝග වලට ජාත්‍යන්තර සභාවල රට මුහුණ දී සිටින කාලයක ජාතික ආරක්ෂාවේ නාමයෙන් එවන් බේදකාරී පියවර ගැනීම ආර්ථික අමාරුකම් තියුණු කරනු පමණක් නොව, රටේ සුළු ජාතීන්ගේ මූලික මානව හිමිකම් ජාත්‍යන්තර සභා තුල පැතිර පවතින සැකය තවත් ශක්තිමත් කිරීම සඳහා පෙළඹවීමක් වනු ඇත.”
https://t.co/BjrnFSoesO
The likely ban on Niqab #SriLanka will only serve as injury to the feelings of ordinary Sri Lankan Muslims and Muslims across the globe. At today's economically difficult time due to Pandemic and other image related challenges faced by the country— Saad Khattak (@SaadKhtk) March 15, 2021