දරුණු ගණයේ අපරාධ වාර්තාවීම්  වැඩිම 2015 වසරේ!

දරුණු ගණයේ අපරාධ වාර්තාවීම්  2019 වසරේදී පහල ගොස් ඇතැයි පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන සඳහන් කරයි.

2015 වසරේදී 39,590 ක්ද, 2016 වසරේ 36,937 ක්ද, 2017 වසරේ 35,978 ක්ද, 2018 වසරේ 36, 355 ක්ද ලෙසින් වාර්තා වී ඇත. 2019 වසරේ වාර්තා වී ඇත්තේ 34, 578 කි.

2019 වසරේදී අපහරණය/පැහැරගෙනයාම් 875 ක්, මනුෂ්‍ය ඝාතන/ සිය පණ හානි කර ගැනීම‌ට අනුබල දීම් 894 ක්, ස්ත්‍රී දුෂණ 1779 ක්, බලෙන් පැහැරගෙන යාම් 106 ක් ආදිය ඒ් අතර වේ.

එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ 2015 වසරේදීය. ඒ් පැමිණිලි 122 කි.  දෙවැනි ස්ථානයට ඇත්තේ 2018 වසරේදීය. ඒ පැමිණිලි 102 කි.

2016 වසරේ පැමිණිලි 74 ක්ද, 2017 වසරේ පැමිණිලි 89 ක්ද 2019 වසරේ පැමිණිලි 94 ක්ද ලෙස සඳහන් වී ඇත.

බාල අපරාධ 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී 5%කින් අඩු වී ඇත. ස්ත්‍රී දුෂණ 2018 වසරට සාපෙක්ෂව 2019 දී 27% කින් පහළ ගොස් ඇත.

දිවයින පුරා පොලිස් ස්ථාන 494 ක්ද ප්‍රාදේශීය කොට්ඨාශ 44 ක් හා ක්‍රියාකාරී කොට්ඨාශ 62 කින් පොලිස් දෙපාර්තමේන්තුව සමන්විතය.

-ශානි-

Social Sharing
නවතම