නම් ඈදෙන පාස්කු ප්‍රහාර ගැන CID විමර්ශන

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා  ඉකුත් (09) දා  ප්‍රකාශයක් කර තිබුණේය.

මේ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා ඊයේ  (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා හිතාමතා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනුවත්ව සමාජය නොමගට පෙළඹවීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද මෙම පැමිණිල්ලෙන් ඔහු ඉල්ලා ඇත.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදුකළ පැමිණිල්ලට අදාළව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඉකුත් ආණ්ඩු සමයේ පොලීසියට සිදුකළ බලපෑම් වත්මන් ආණ්ඩුව සමයේ සිදුනොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ  මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද (11) දින කියා තිබුණි.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන අය සම්බන්ධ බවට පහුගියදා හිටපු අමාත්‍ය අශෝක අබේසිංහ මහතාද ප්‍රකාශ කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අශෝක අබේසිංහ මහතාට අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණත් ඔහු පැමිණ තිබුණේ නැත. නමුත් අද (11) දින ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

Rishad Bathiudeen Wimal Weerawansa presidential commission of inquiry on the easter attacks

Rishad Bathiudeen Wimal Weerawansa presidential commission of inquiry on the easter attacks

-ශානි-

Social Sharing
නවතම