කොවිඩ් භූමිදාන ගැසට්ටුව මෙන්න!

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරිමට අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දැන් දින කිහිපයක් ගතව ඇත. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත.

ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ කතා නිර්මාණය විය. දැන් ඒ කතා සියල්ල නිමා කරමින් කොවිඩ් මෘතදේහ භූමිදානය කිරීමේ ගැසට්ටුව නිකුත් වී ඇත්තේය.

ඒ සඳහා වන ගැසට් පත්‍රය ඊයේ  (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.

ඒ අනුව මින් ඉදිරියට කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින් ආදාහනය කළ යුතුම නොවන්නේය. ඥාතීන්ගේ කැමැත්ත මත භූමිදානය කළ හැක.

covid burial gazette sri lanka

 

covid burial gazette sri lanka

 

 

Social Sharing
නවතම