මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ වගේ පෝර්ට් ලෝකෙ තියෙන්නෙ කිහිපයයි. එතකොට අපට දෙපැත්තෙන්ම නැව් අල්ලන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝට් වියදම නැති වෙනවා. අපිට ලෝකෙ අඩුවෙන් සහනදායි මිලකට මේකේ වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ තියෙන බිස්නස් එක අපි කෙරෙහි ඇද ගන්න පුළුවන්. ඒක තමයි මේකෙ තියෙන ලොකුම වැදගත්කම. වෙනත් terminal එකක ඉදලා containers නැවත මෙතනට transport කරන්න ඕනේ නැහැ. මේක බොක්ස් පෝර්ට් එකක් වෙනවා. ඒකෙන් දෙපැත්තෙන්ම නැව් අල්ලන්න පුළුවන්. එතකොට ඒ වාසිය ලෝකෙ කොහේවත් නැහැ. transport වලට යන වියදම් ටික අඩු උනාට පස්සේ අපිට ආසියාවේ තරගකාරීත්වයකින් වැඩ කරන්න පුළුවන්. අඩු මුදලකට වැඩ කළාම අපට බිස්නස් එකත් වැඩි වෙනවා. අපේ ආදායමත් වැඩි වෙනවා. අපේ රට ලෝකයේ ඉහළ තැනකට යනවා. විශේෂයෙන්ම මේ වන විට අපේ විදේශ විනිමය ඉතාමත් දුර්වල මට්ටමක තියෙන්නේ. රට ආගාධයට පත්වෙමින් තියෙනවා. එහෙම තත්ත්වයකදී මේ වගේ විදේශ විනිමය උපයන්න පුළුවන් ස්ථාන අපි රැක ගන්න ඕනේ. ඒක මේ වරාය අධිකාරියට විතරක් නෙවෙයි මේ මුළු රටටම වැදගත් කාරණයක් වෙනවා.

නැගෙනහිර පර්යන්තය වාර්ෂිකව ආදායම

කියන්න කණගාටුයි පහුගිය වසර 5ක් පුරාවටම නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක වුණේ නැහැ. පසුගිය යහපාලන ආණ්ඩුව ඇවිත් මේ නැගෙනහිර පර්යන්තයට ඇනවුම් කර තිබූ දොඹකර කැබිනට් පේපර් එකක් මගින් අහෝසි කරා. ඒ තුළ නැගෙනහිර පර්යන්තය වැඩ කළේ, සාමාන්‍යයෙන් යකඩ පොහොර වගේ සාම්ප්‍රදායික නැව් බඩු. ඊට පස්සේ JCT 5 කියන ස්ථානයට ගෙන යන ලද දොඹකර 3 පසුගිය මැතිවරණ සමයේ අපි විශාල උද්ඝෝෂණයක් කරල නැගෙනහිර පර්යන්තයට ගොඩ බාල ස්ථාපිත කළා. ඊට පස්සේ මෙතන නැව් තිස්තුනක් පමණ අපි වැඩ කරලා තියෙනවා. මේ වන කොට අපි කෝටි පනහකට වඩා මුදලක් මේ මාස දෙක තුන ඇතුළත අපි වරාය අධිකාරියට රටට හම්බ කරල දීලා තියෙනවා. ඒක මේ නියම විදියට හම්බ කරල නෙමෙයි. මේක වැඩ අවසන් කරලා උපයන්න පටන් ගත්තොත් ඩොලර් මිලියන 700ක් පමණ උපයගන්න පුළුවන්. සෑම වර්ෂයකම අපට ඩොලර් මිලියන 50 ක් හොයන්න පුළුවන්. අදියරින් අදියර මේකෙ වැඩ නිම වෙනකොට අවසාන වශයෙන් ඩොලර් මිලියන හත්සීයක් ආදායමක් අපට ගන්න පුළුවන් වාර්ෂිකව. එතකොට අපි මේ අවුරුදු 35 ට ම මේක බදු දෙන්න ගියේ ඩොලර් මිලියන හත්සීයකට මේවා තමයි අපට තිබුණ ප්‍රශ්න.

චීන ඉන්දියානු බල දේශපාලනය

ඉන්දියාව එක තියෙන ප්‍රශ්නවලට රටක මෙවැනි මර්මස්ථානයක් පාවා දෙනවා නම් ඒක ජාතියට කරන විශාල හානියක්. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලක්ෂ 60ක් එක්ක ජන බලයකින් ආවේ මේ වගේ දේවල් විකුණන්න නෙමෙයි නේ. රටට පොරොන්දු උනේ දේශීයත්වය රකිනවා විකුනපු දේවලුත් අපි ආපහු ගන්නවා කියලා තමයි ආවේ. දේශපාලන ප්‍රශ්නයක් විසඳා ගන්න කියලා අපේ රටේ සම්පත් විකුණනවා නම් අපේ රට තවත් දුප්පත් වෙලා දිළිඳුභාවයට පත්වෙලා විනාශ වෙන තත්ත්වයට තමයි යන්නේ. ඒ නිසා තමයි අපි මේකට විරුද්ධ වුණේ. එහෙම රට රටවල් වල තිබෙන දේශපාලන ප්‍රශ්න මෙතනට ගෙනල්ලා විසඳගන්න ඉඩදීලා බලන් ඉන්නවා නම් අන්තිමේදී අපිට ඉතුරු වෙන දෙයක් නැති වෙයි.

එදා ඒ චීනයට දීපු එකයි හම්බන්තොට වරාය චීනයට දීපු එකත් ඒ සියල්ල වැරදියි. ඒවාට විරුද්ධව අපි කටයුතු කළා. ඒ වන විටත් අපට පුළුවන් ආකාරයෙන් ඒවාට විරුද්ධ වුණා. ඒ ආණ්ඩු විසින්ම කර ගන්නා ලද වැරදි වලට මේ රටේ ජනතාව පළි නැහැ. මේ රටේ සම්පත් පළි නැහැ. ඒ ආණ්ඩු එදා ගත්ත වැරදි තීන්දු නිසා අද ඒවාට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ මේ රටේ සම්පත් වලට, මේ රටේ මහජනතාවට.

රට දියුණු කරන්න ඕනෑ නම් මේවා පිට දෙන්න ඕනේ නැහැ. ඒක කරන්න ඕනේ අපි. මේක විශේෂයෙන් ම මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් වරාය අධිකාරිය අපි යවනවා.රටට බරක් නැති ආයතනයක් තමයි වරාය අධිකාරිය කියන්නේ. අපි මේ රටේ මහා භාණ්ඩාගාරයට යවන අරමුදල් වලින් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනය වගේ දේවල්වලට මුදල් වෙන් වෙන්නේ. මේ මුදල් නැති උනොත් අපේ මහා භාණ්ඩාගාරයට මුදල් කෝ. ගුරුවරුන්ට පඩි ගෙවන්නේ කොහොමද.

දියුණුවට සැළසුම

විශේෂයෙන්ම අපේ සැලසුම් මේ වන විට ඇමතිතුමාට බාරදීලා තියෙනවා අපේ වරාය ඉංජිනේරුවරුන් වරායේ විධායක නිලධාරීන් සහ අපේ වරාය වෘත්තීය සමිති 23ම මේක කරන්න ඕනෑ විදිහ පෙන්නල තියෙනවා. සංවර්ධනයට සත පහක් වත් ණය ගැනීමට අවශ්‍ය නැහැ අපි හම්බකරන මුදලින් ම 2023 වන විට අදියර තුනකින් එක නිමා කරන්න පුළුවන්. එහෙම නිමාකරල 2027 වනවිට මිලියන හත්සීයක් අපිට හොයාගන්න පුළුවන්. එනිසා අපි ඒ කරුණු කාරණා ඔක්කොම ඉදිරිපත් කළ තියෙනවා. සේවකයා අලුතින් ගැනීමට අවශ්‍ය නැහැ අපේ තියෙන computer system එක ඒකටත් එක්ක හදලා තියෙන්නේ විශේෂ වියදමක් යන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් මේ වරාය. මේකෙ බොරු බිල්ලෙක් මවල බොරුවට රටවල් වල බලපෑම් වලට යටත් වෙලා භූ දේශපාලනය ගැන කයිවාරු ගහලා මේ දේශීය සම්පත් විකුණන්න අවශ්‍ය නැහැ.

Social Sharing
නවතම විශේෂාංග