දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩක් – අජිත් අලවත්ත

ජනාධිපතිතුමා ඊයේ මහ බැංකුවේ නිලධාරීන්ව ඉදිරියේ තියාගෙන දෙහි කැපුවේය. සමහරු එය නායකයෙකුගේ කෙලින් ගතියක් ලෙස පැසසූ අතර තවත් අයෙක් නායකයාගේ නොහැකියාව නිලධාරීන් පිටින් යැවූ බවට ආඩපාලි කීහ.

මෙම දූෂිත, අකාර්යක්ෂම සිස්ටම් එකේ මහ බැංකුවද හරස්කඩකි. මොන තරම් අර්ථශ්‍රාස්ත්‍රඥයන් සිටියද ඔවුන් අඩු වැඩි වශයෙන් දූෂිතය, අකාර්යක්ෂමය. එය යහපාලන බැඳුම්කර වංචාවේදී හා ඊට පෙර ග්‍රීසියේ බැඳුම්කර ආයෝජන හරහාද කලඑළියට පැමිණ ඇත.

ජනාධිපතිවරයා මතුකල මෙම කෝවිඩ් 19 සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් වෙනුවෙන් මහ බැංකුව බිලියන 50ක (ජනාධිපතිවරයා කිවේ 150ක් කියා??) මුදලක් 4% පොළියට වෙන්කොට සෞභාග්‍යා නම් ණය යෝජනා ක්‍රමයක් බැංකු හරහා ව්‍යවසායකයන්ට හඳුන්වා දෙන ලදී. මෙය මාස දෙකක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා එක් අයෙකුට උපරිමය මිලියන 25 කට සීමා පනවන ලදී.

ලංකාව දූෂිත හා අකාර්යක්ෂම රාජ්‍යයක් වන්නේ එහි දූෂිත හා අකාර්යක්ෂම මහජනයා නිසාය. ඉතින් මේ මහජනයා අතර සිටින ව්‍යවසායකයින් සැවොම අඩු පොළියට දෙන මෙම ණය මුදලේ උපරිමය වන මිලියන 25 ලබාගැනීමට පොර කෑවෝය.

මමද මූල්‍ය උපදේශකයෙකු ලෙස මෙම ණය අයදුම්පත් සකස් කල නිසා මගේ සේවා ලබාගැනීමට පැමිණි ව්‍යාපාරිකයන්ට දෙන උපදෙස වූයේ පැහැදිලිව ඉදිරිපත් කල හැකි ලේඛන සාක්ෂි ඇති කාරක ප්‍රාග්ධන ප්‍රමාණය පමණක් ඉල්ලුම් කරන ලෙසයි.

ඒ අනුව ඉල්ලුම් කල විශාල ප්‍රමාණයකට එම ණය මුදල් ප්‍රදානය දැනටමත් කල ඇති අතර එසේ කඩිනමින් මෙම සහන ණය මුදල් ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වන ජගත් ආදිපොල හා ගුණසෝම වණිගසේකර මහතා මේ සඳහා බැංකුව දැක්වූ කාර්යක්ෂමතාව හා සහයෝගීත්වය මට ඇමතුමක් දෙමින් අගය කලේය.

මට මගේ මූල්‍ය හා සමාජජීවිතයේදී හමුවූ අවංක, ඍජු, සමාජ වටිනාකම්, සාරධර්ම ගරුකරන හා ව්‍යාපාරික මූලාශ්‍ර සඟවන්නේ නැතිව පවත්වාගෙන යන වෘත්තීමය ව්‍යවසායකයින් දෙදෙනෙකු වන ඔවුන් මේ ගැන ශුභවාදීව ප්‍රශංසා කිරීම ජනාධිපතිතුමාගේ මහ බැංකු දේශනාව වෙනත් ආස්ථානයකට යොමුකරවයි. එනම්, මේ රටේ සිස්ටම් එකක් නැති බවය.

සිස්ටම් එකක් නැති රටක මෙවන් ආපදා සහන අවස්ථාවකදී වැඩි පංගුවක් ලබා ගැනීමට පිස්සු කෙලීමේදී එකෙකුටවත් සහන නොලැබී ඉච්ඡාභංගත්වයට පත්වීම සාධාරණය.

ව්‍යාපාරිකයාගේ පිරිවැටුම, විය හියදම්, වත්කම්, වගකීම් වැනි නිවැරදි මූල්‍ය වාර්තා, බදු ගෙවීම්, සේවක අර්ථසාධක, සේවක වැටුප් ආදී සියළු තොරතුරු එක මිටකට එන බැංකු, රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ඉඩම් කන්තෝරුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතන සම්බන්ධ කරන නෙට්වර්ක් එකක් ඇත්නම් මෙය මහ කජ්ජක් නොවේ.

නමුත් වන්නේ, මේ සඳහා මූලිකත්වයක් ගෙන ක්‍රියා කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ටෙන්ඩර් මගඩි නිසාවෙන් ඉල්ලාඅස්වීමය. ජනාධිපතිතුමනි, වියත් මගේ එවක සිටි චරිතයක් වූ ඩුබායි සංවර්ධනයේ නියමුවා වූ ආචාර්ය උදය ඉන්ද්‍රනාත වැන්නවුන් අවශ්‍ය කාලයක් මේ.

අජිත් අලවත්ත FB

Social Sharing
නවතම විශේෂාංග