කෝවිඩ්-19 රැල්ල දකුණු ආසියාව දෙසට  

කෝවිඩ් -19 වෛරසය වේගයෙන්ම පැතිරෙන දකුණු ආසියානු රටවල් අතරින් පළමු ස්ථානයටත්, කෝවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇති ලෝකයේ හතරවැනි රට බවටත් අසල්වැසි ඉන්දියාව පත්වී තිබේ.  මේ වන විට දිනකට රෝගීන් දස දහස ඉක්මවු ප්‍රමාණයක් ඉන්දියාව තුළින් වාර්තා වේ.

මෙම රෝග ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවට දරා ගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බව ඒරට මාධ්‍ය වාර්තා කරනු ලබයි. පවතින රෝහල් ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය පහක් තාවකාලික රෝහල් ලෙසට පත්කර භාවිතා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව මාධ්‍ය අද වාර්තා කර තිබුනි.

මේ අතර, විශාල ජනග්‍රහණයක් වාසය කරන ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ පමණක් කෝවිඩ් ආසාදිතයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඇති බව වාර්තා වේ. ඒහි ඉන්දියාවේ මුල්‍ය අග නගරය ලෙස සැලකෙන මුම්බායි නුවර පමණක් රෝගීන් පනස්දහසක ඉක්මවා ඇති බවත් වාර්තා වේ. මෙය චීනයේ වුහාන් නගරයේ ඇති වූ තත්ත්වය වඩා බරපතල වී ඇති බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ අගනුවර ලෙස සැලකෙන දිල්ලි නුවර තත්ත්වයද ඒන්න ඒන්නම නරක අතට පත්වෙමින් බවතින් බවත්, ලබන මාසය වන විට කොවිඩ් -19 ආසදිතයින් ප්‍රමාණය ඉන්දියාව තුළ ලක්ෂ පහ ඉක්මවනු ඇතැයිද සෞඛ්‍ය බලධාරීන් පවසයි. අද වන විට ඉන්දියාව තුළ කෝවිඩ් 19 ආසාදිතයින් 333,475 ක් වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 9,524 ක් මිය ගොස් තිබේ.

ඒ් අනුව ගත් කළ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කළාපයෙන් කෝවිඩ් -19 වෛරසය සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස හැදින් විය හැක. නමුත්, අසල්වැසි ඉන්දියාව, පකිස්ථානය, බංගලදේශය හා මාලදිවයින වැනි රටවල මෙම වෙරසය වේගයෙන් පැතිරෙමින් පවතින තත්වයක් තුළ, අප රට තුළත් ඒවැනි තත්ත්වයක් ඇතිවීම වැලැක්වීමට පෙරටත් වඩා බුද්ධිමත්ව අප කටයුතු කළ යුතුය.

ඉහත රටවල් තුළ මෙම වෛරසය මෙතරම් වේගයෙන් පැතිරෙන්න පටන්ගෙන තවමත් මාසයක්වත් ගතවී  නොමැත. ධීවර කර්මාන්තයේ යෙදෙන ඉහත රටවල ධීවරයන් සමග අපගේ ධීවරයන්, මහ මුහුදේ දී විවිධ සම්බන්ධතා පවත්වති. ඒමෙන්ම, ශ්‍රී ලංකාවේ ඖෂධ වෙදපොළෙන් සෑහෙන ප්‍රථිශතයක් ඉන්දියාව, බංගලදේශය හා පකිස්ථානය අත පවතී. ඒපමණක් නොව මාළු, කරවල, හාල්, අල, ලූණු, පරිප්පු හා විවිධ පලතුරැත්, කුළු බඩු වර්ගත්  බොහොමයක් තවමත් ගෙන්වා ගනු ලබන්නේ ද ඉහත දකුණු ආසියානු රටවලිනි.

වරාය, ගුවන්තොටුපල වසා තබා මහජන සංසරණයන් අවහිර කර තැබුවත්, මහ මුහුදේ දී කරණු ලබන ගණුදෙනු මෙන්ම, ඖෂධ හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මෙරටට ඇතුලුවීමේ දී විශබීජ හරණය සදහා අවශ්‍ය පියවර නොගත හොත් අප විශාල අනතුරකට මුහුණ පානු නොඅනුමානය.

මහ මැතිවරණය පැවැත්වීම ඇතුලු හේතූන් මත අප රට ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් මේ මොහොතේ කටයුතු කරන බව පෙනේ. මොනයම් ආකාරයකින් හෝ කෝවිඩ් පොකුරැ කිහිපයක් රට තුළ නැවත නිර්මාණය වුවහොත්, ඒය පාලනය කිරීම අන් රටවලට වඩා අපට ඉතා අපහසු වීමට පුළුවන. ඒම නිසා දකුණු ආසියාවේ මෙම රෝග ව්‍යාප්තිය පිළිබදව ආණ්ඩුව ඇතුළු සෞඛ්‍ය බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතුය.

Social Sharing
විශේෂාංග