මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% ක් O/L පමණයි – මනුෂගෙන් හෙලිදරව්වක්

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% සමත්වී තිබනේනේ සාමාන්‍ය පෙළ පමණක් බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මාධ්‍ය ආයතන කතා කළත්, මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න ගියොත් ලැජ්ජා හිතෙනවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.

පසුගියදා කරපු සමීක්ෂණ වාර්තාවක් අනුව මෙය හෙළි වූ බවද ඔහු පවසයි.

එක පුද්ගලයෙක් ළග මාධ්‍ය ආයතන කිහියක් තබාගන්නවා නම් එතැන මාධ්‍ය ඒකාධිකාරයක් හැදෙන බවත්, දැන් සමහර රූපවාහිනී ආයතනවලට, රේඩියෝ චැනල්,  පත්තර තිාබෙන බවත් තමන්ගේ යාළුවන්ට, ඥාතීන්ට, ගජ මිතුරන්ට මහජන දේපලක් වූ සංඛ්‍යාත ලබාදී ඇති වද ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාව වගේ රටවල එක මාධ්‍ය නාලිකාවක හිමිකරුවෙක්ට තවත් මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යා නොහැකි බව පවසන මනුෂ නානයක්කාර මන්‍ත්‍රීවරයා, ලංකාවේ මාධ්‍ය නාලිකාවකට මුළු රටේම ජනතාවගේ ඔලු සේදිය හැකි බවද පැවසීය.

තමන්ගේ දේශපාලනය අවශ්‍යතා වෙනුවෙන් මෙම මාධ්‍ය භාවිතා කරන මෙම මෙම ව්‍යාපාරිකයින් මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම මෙහි දී සිදුවන්නේ යැයිද මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඒමෙන්ම මාධ්‍යවේදින්ට ලබා දුන් පුහුණු පාඨමාලා මේ වන විට වසර දහයක් සිට අත්හිටුවා ඇතැයිද මෙයින් මාධ්‍යවේදින්ගේ සාක්ෂරතාව, වර්ධනය හීන වන බවද ඔහු අවධාරණය කර සිටියි.

Social Sharing
නවතම