
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පවතින සාමාජික ධුර පුරප්පාඩුවක් සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින හා ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා වන අයැදුම්පත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ ලබාගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරයි.
එමෙන්ම ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුර සඳහා වන අයැදුම්පතද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළ කර ඇත.
නියමිත ආකෘතියට අනුව සම්පූර්ණ කරන ලද අයැදුම්පත් 2026 ජූලි 31 වැනිදා හෝ ඊට පෙර වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා අයැදුම් කරන අය ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියේ විෂයය ලෙස ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා අයැදුම් කරන අය ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම් දෙයි.
