
ශ්‍රී ලංකා පොලීසිය බිහිකල සැබෑ බුද්ධිමතෙකි
තම සේවාකාලය තුල මාධ්‍ය සංදර්ශණ නොපැවැත්වූ පොලිස්පතිවරැන් අතරින් ඔහු දෙවෙනිවන්නේ ඉලංගකෝන් පොලිස්පති තුමාට පමණි
ඔහු වැඩබලන පොලිස්පති මෙන්ම පොලිස්පති ධූරය දරණු ලැබූ කාලසීමාව ශ්‍රී ලංකා පොලීසිය මුහුණ දුන් අභියෝගාත්මක කාල පරිච්ජේදයකි එම අභියෝගයන් අතර
පහත සදහන් කරැණු මුල්තැනක් ගනී
1. පාස්කු ප්‍රහාරය හේතුවෙන් බිදවැටුනු රටේ ආරක්ෂක තත්වය යථාවත් කිරීම
2.1898 පසු අප කිසිදා මුහුණ නොදුන් වසංගත පාලනය සදහා 75000 කට අධික පොලිස් බලකාය මෙහෙයවීම මෙන්ම සංවිධානය තුල පැනනැගෙන වසංගත තත්වය පාලනය කිරීම
3. ගාලු මුවදොර පැණනැගුනු අරගලය සහ රට බංකොලොත් භාවයට පත්වීම විසින් නිර්මාණය කරන ලද දේශපාලන අර්බුධය මැද රටෙහි නීතිය සහ සාමය පවත්වාගෙන යාම
4. බල හුවමාරැවක් සිදුවූ 2020 පාර්ලිමේන්තු මැතිවරණය කලමණාකරනය
5. රට තුල පැනනැගෙමින් පැවති අපරාධ රැල්ල මර්ධනය කිරීම
ඒ සියළු අභියෝග හමුවේ ඒවාට සාර්ථක ලෙස මුහුණදුන් ඔහුට සිය සේවාකාලයේ අවසන් මාස කීපය ගතකිරීමට සිදුවූයේ දැඩි මානසික පීඩාවන් මැදය . එම පීඩාවන් අඛන්ඩව එල්ල කරමින් පසුගිය ජනාධිපතිවරණයට පෙර එතුමා පොලිස්පති ධූරයෙන් ඉවත්කිරීමේ ප්‍රභල දේශපාලන කුමන්ත්‍රණයක්ද දියත්වූ බව ප්‍රසිද්ධ රහසකි
මෑතකාලයේ පොලිස්පති ධූරය දරණු ලැබූ කිසිදු පොලිස්පතිවරයෙකු මුහුණ නොදුන් ආකාරයේ අභියෝග රැසකට මුහුණදී ඒවා සාර්ථකව ජයගත් ඔහු මෙවැනි පෞද්ගලීක ප්‍රශ්ණයක් හමුවේ මෙලෙස ජීවිතයෙන් පලායාම සිදුකෙරෙත්යැයි ඔහු සමග වසර 4 ක් පමණ ඉතා කිට්ටුවෙන් වෘතීය සබදතා ඔස්සේ බැදුණු මාහට විශ්වාස කිරීමට පවා අපහසු කරැණකි. ලැබෙන තොරතුරැ අනුව වසර 36 කට වැඩිකාලයක් තම කාලය ,ශ්‍රමය , බුද්ධිය වැය කරමින් නිහඩවම ශ්‍රීලංකා පොලීසියට මහගු
සේවාවක් කල ඔබවැනි අයකුට පොලීසියම අකෘතඥ වූවාදැයි යන සිතුවිල්ලද මාතුල පවතී
ප්‍රශ්ණ දාහක් හමුවේ මහමෙරක් ලෙස නෙසැලී සිටි ඔබ මේ ආකාරයට අවාසනාවන්ත ලෙස අප අතහැර යැතුයි කිසිදා නොසිතුවෙමි
ඔබතුමාට සුභ ගමන් සර්.
