
ඉරිදා (ජූලි 5) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
එම ගැටුම මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (06) ප්‍රකාශ කළද, බන්ධනාගාරය අසල සිටින මාධ්‍ය වාර්තාකරුවන් පවසන්නේ එම ස්ථානයේ යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බවයි.
වාර්තා අනුව, බන්ධනාගාරය තුළින් අඛණ්ඩව වෙඩි ශබ්ද ඇසෙන අතර, තුවාල ලැබූ බවට සැක කෙරෙන රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අයුරු ද නිරීක්ෂණය වී තිබේ.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වේ.
