
බෲනෝ දිවාකර තරිදු සහ අභීත එක්ක SLVLOG එකේ පාස්කු නඩුවේ දිගහැරුම ගැන කරපු වීඩියෝ එක ගොඩක් අය තවමත් බලමින් ඉන්නවා. සහ ගොඩක් ප්‍රතිචාරත් ඒකට තියනවා. මේ වැඩ සටහන අනික් බොහෝ දේවල්වලට වඩා මිනිස්සු බලන්නේ සහ බලමින් සිටින්නේ ඇයි?
හේතුව තමයි මේ නඩු කටයුත්ත සම්බන්දයෙන් අති විශාල අවධානයක් සමාජය තුල පැවතීම. ඒකට හේතුව තමයි පාස්කු ප්‍රහාරය එක්ක මිනිස්සු ගොඩක් තමන්ගේ අනාගත දේශපාලන තීරණය ගැනීම සහ ඒ එක්ක ලංකාවේ ගොඩක් දේවල් වෙනස් වීම. ඒක යම් හැරවුමක් වීම සහ ඒ නිසාම ඒ හැරවුමට දායකවෙච්ච මිනිස්සුන්ගේ බොක්කටම වැදුණු දෙයක් වීම.
හැටනම ලක්ෂයක් චන්ද අස්සේ අපි හිටියේ කොයි විදියේ කෘතීම ඇස් බැන්දුමකද කියල මිනිස්සු තමන් ගැනම පරාවර්තනය කරගනිමින් ඉන්නේ. මේ විව්ස් එන්නේ එහෙම පසුබිමකින්.
අපි හැමෝම අතිවිශාල දේශපාලන කුමන්ත්රණයක කොටස්කරුවන් උනාද කියල දැනගන්න හැමෝටම අයිතියක් සහ කුතුහලයක් තියනවා. ඕනිනම් ඒක රූපකයක් විදියට කියන්න පුළුවන් ‘පාස්කුව ඇතුලේ මම ඉන්නේ කොතැනද’ කියලත්. මේ පේන්නේ ඒ ගැන තියෙන මිනිස් අවධානය.
ඒ වගේම වින්දිතයින් පැත්තෙන් අන්තිම දශමයට වෙනකල් සාධාරණය ඉෂ්ට වෙන්න ඕනි. ඒ නිසා මේක අන්තිම දශමය දක්වා යන්න ඕනි. සත්‍ය ගවේෂණයේ යා හැකි අවසන් දශමය වෙනකල්ම.
අන් සියල්ල පැත්තකින් තිබ්බත් මම මාලිමාව මේ ගනිමින් ඉන්න ඒ පියවරට කැමතියි. ඒක කරන්න පුළුවන් වෙන්නෙත් මාලිමා හෝ එවන් යම් ජනතාවාදී පදනමක් සහිත දේශපාලන ව්‍යාපාරයකට පමණයි. අනික් කිසිවෙක්ගෙන් මේ දුර බලාපොරොත්තු වෙන්න බැහැ. මම ඒක බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
මේ වෙනකල් මේ තරම්වත් දුරක් යන්න පුළුවන් වුනාට මාලිමාවට ස්තුති….
