ඥානසාර හිමියන්ට නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි!

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.

එම සිරදඬුවම අවලංගු කර තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ගොනු කර තිබූ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමෙන් ජාතීන් අතර සංහිඳියාවට හානිවන ලෙස කටයුතු කළ බවට චෝදනා කරමින් පොලීසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති විභාගයෙන් අනතුරුව ඥානසාර හිමියන් වරදකරු ලෙස තීන්දු කර මාස 09ක සිරදඬුවමක් නියම කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මුල් තීන්දුව බලපැවැත්වෙන බවට තහවුරු වී ඇත.

Social Sharing
නවතම පුවත්