
ත්‍රීකුණාමලය 6 කණුව කප්පල්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එස්. තිලක්ෂිකා සිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා කලුතර බුලත්සිංහල ප්‍රදේශයේ සිට තම මවගේ නිවස වෙත පැමිණ තිබුණි. දරු ප්‍රසූතියට පෙර ඇය ත්‍රීකුණාමලය මහ රෝහලේ නාරි හා ප්රසවවේදී විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන මහතාගේ පුද්ගලික චැනල් සේවාවට ද සහභාගී වී ඇති අතර, එහිදී කිසිදු සංකූලතාවයක් නොපෙන්වා ඇති බව සඳහන් වේ.
ඉකුත් අප්‍රේල් 09 දින තිලක්ෂිකා දරු ප්‍රසූතිය සඳහා ත්‍රීකුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබුණි. ඇයගේ තත්ත්වය අවදානම් බවට හඳුනාගත් රෝහලේ ප්රසූතාගාර කාර්ය මණ්ඩලය අවස්ථා හයකදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය වීරසේන මහතාට සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය මහත්මියට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, එදින ක්‍රියාත්මක වූ රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ වැඩ වර්ජනය හේතුවක් ලෙස දක්වමින් අදාල වෛද්‍යවරුන් රෝහලට නොපැමිණි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
තිලක්ෂිකා සිය දරුවා ප්‍රසූත කළද, පසුව නවජ දරුවා මියගොස් ඇති අතර, මරණ පරීක්ෂණයේදී දරුවාට අශූචි කැවීම මරණයට හේතුව ලෙස හෙළිවී තිබේ.
මේ අතර, අදාල නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වැඩ වර්ජනයේ නිරතව සිටි බව ප්‍රකාශ කළද, එදින ඔහු පුද්ගලික රෝහලක සීසේරියන් සැත්කමකට සහභාගී වී ඇති බවද පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සිද්ධියෙන් අනතුරුව, තිලක්ෂිකා අදාල වෛද්‍යවරයා විසින් පුද්ගලික රෝහල් දෙකකට කැඳවා නොමිලේ ප්‍රතිකාර ලබා දී ඇති බවත්, පසුව ත්‍රීකුණාමලය මහ රෝහලේදී බඩ සේදීමකටද ලක්කර ඇති බවත් වාර්තා වේ.
තවද, අප්‍රේල් 09 දින අදාල වෛද්‍යවරයා ත්‍රීකුණාමලය මහ රෝහලේ රැඳී සිටි බව පෙන්වීම සඳහා රෝහලේ දත්ත වෙනස් කිරීමකට සහ පුද්ගලික රෝහලේ සේවය නොකළ බව පෙන්වීමට CCTV දර්ශන සහ අනෙකුත් දත්ත වෙනස් කිරීමට උත්සාහ කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව අදාල වෛද්‍යවරුන්ගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
විශේෂත්වයක් වන්නේ, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය වීරසේන මහතා රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ත්‍රීකුණාමලය ශාඛාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කිරීමයි.
සිය කුලුඳුල් දරුවා අහිමි වූ තිලක්ෂිකා ඉල්ලා සිටින්නේ, තමන් මුහුණ දුන් මෙම වේදනාත්මක අත්දැකීම තවත් කිසිඳු මවකට අත්විඳීමට සිදු නොවන පරිදි වගකිවයුත්තන්ට එරෙහිව සාධාරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විටත් ත්‍රිකුනාමලය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කර ඇති අතර තවද පොලිස් කොමිෂන් සභාවට ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිළි කර තිබේ.
ඔබගෙත් මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වූයේ ද එසේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ප්‍රදේශයේ ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණ නීති උපදෙස් ලබා ගැනීමට ඔබට හැකියාවක් ඇත. නැතිනම් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට ද පැමිණ ඔබට අවශ්‍ය නීති උපදෙස් ලබා ගත හැක.
ත්රිකුනාමල මානව හිමිකම් මධ්‍යස්ථානය – 0761023794
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය – 011 2669100
https://www.facebook.com/share/v/1G2qQEPGvw/
